යාපනයේ දී වන්දනාකරුවන් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළී අනතුරක්

යාපනය – ගුරුනගර් තොටුපොළේ දී බෝට්ටුවක් පෙරළී අද (06) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

පාලතිතිව් දේවස්ථානයේ පැවති උත්සවයක් සඳහා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරට ලක් වූ බෝට්ටුවේ සිටි පස්දෙනෙක් යාපනය රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බෝට්ටුව පෙරළීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු දියේ ගිලී ඇති අතර, ඔවුන් බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !