යාපනයට ගිය වසන්ත මුදලිගේට විරෝධයක් (ඡායාරූප)

විරෝධතාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීම සඳහා යාපනයට ගිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු පිරිසට ජනතාවගෙන් විරෝධයක් එල්ල වී තිබෙනවා.

“යාපනයට අරගල එපා” වහාම යාපනයෙන් පිටත්වන ලෙසට ඉල්ලමින් ඊයේ (25) දින සාමාන්‍ය වැසියන් පිරිසක් විරෝධතාවක නිරත වූ බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

ත්‍රස්තවාදි පනත වහාම ඉවත්කරන ලෙසට රජයට බලකරමින් පැවත්වීමට නියමිත විරෝධතාවක් පිළිබඳව වසන්ත මුදලිගේ ඇතුලු පිරිස යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සහ ස්වේචඡා සංවිධාන නියෝජිතයින් සමග යාපනය රිම්මර් මණ්පයේදී සාකච්ඡාවක නිරත වන අවස්ථාවේදී මෙම විරෝධතාව පැවත්වුණා.

යාපනය රිම්මර් මණ්ඩපය අසලට සාමාන්‍ය වැසියන් විශාල පරිසක් විරෝධතා පාගමනකින් පැමිණ ප්‍රකාශ කළේ කොළඹ සිට පැමිණි අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සියලු සාමාජිකයින්ට වහාම සාකච්ඡා නවත්වා යාපනයෙන් පිටත් වන ලෙසටයි.

එහිදී විරෝධතාවයේ නිරතවූවන් වැඩිදුරටත් පවසා සිටියේ, උතුරේ අතුරුදහන් වූවන්ගේ ගැටලුව, දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම, ඉඩම් ගැටලුවලට කිසිදු විසඳුමක් නොලැබුන ද යාපනයේ මෙන්ම උතුරේ ජනතාවට අරගලයන් හෝ ප්‍රචණ්ඩත්වයන් අවශ්‍ය නොවන බවටයි.

උතුරේ ජනතාව අතර නැවත ප්‍රචණ්ඩත්වයක් ඇති නොකර වහාම යාපනයෙන් පිටත්වන ලෙසට ප්‍රකාශ කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වූ බව සඳහන්.

යාපනයට පැමිණි වසන්ත මුදලිගේ ඇතුලු ක්‍රියාකාරීන් පිරිස අදාළ සාකච්ඡාව කඩිනමින් අවසන් කිරීමට පියවර ගෙන තිබූ බව සඳහන්.

https://www.youtube.com/watch?v=WPZfqmEm7DY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07