AFC Banner
Empty Ad
Empty Ad

යාචකයාගේ හොර සාක්කුවෙන් හමු වු මුදල් කන්දරාව

හක්මන නගරයේ ජීවත් වූ යාචකයකු හදිසියේ මියගොස් ඇති අතර ඔහුගේ කලිසම් සාක්කුවලින් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදල් ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය කියයි. 

හක්මන කෝංගල නැගෙනහිර ප්‍රදේශයේ පදිංවිව සිටි හැට නව හැවිරිදි ඊ.එස්.විමලදාස යන අයකු පෙරේදා (10) දහවල් ඔහු පදිචිව සිටි නිවස අසල ඇති කන්දෙන් පහලට පෙරලි ගොස් මෙලෙස මියගොස් තිබුණි.

හක්මන නගරයේ සිගමන් යදිමින් ජිවත්වූ ඔහු අවිවාහකයෙකු වන අතර ඔහු හේවිසි වාදන ශිලිපියෙකු ලෙස කටයුතු කර ඇති බවත් මියයන විටත් කුඩා නිවසක තනිවම ජිවත්වී තිබේ.

මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් හදිසි  මරණ පරික්ෂණය සිදුකරන අවස්ථාවේ මරණකරු ඇඳ සිටි කලිසමක රහස් සාක්කු කිහිපයක තිබි රුපියල් තුන් ලක්ෂ අසූ හතර දහස් අටසිය හැටහතක (384,867.00) පමණ මුදලක් හමුවු බව හක්මන පොලිසිය පවසයි.

හක්මන හදිසි මරණ පරීක්ෂක ඩී ගලගම මහතා විසින් මිය ගිය අයගේ හදිසි මරණ පරික්ෂණය සිදුකළ අතර ඊ.එස්.විමලදාස යන අය  මරණ පරීක්ෂණයේදි සාක්සි ලබාදිමට කිසිවකුත් ඉදිරිපත් නොවීය. මියගිය අයට කිසිදු ඥාතියකු එම ප්‍රදේශයේ නොමැති අතර හක්මන නගරයේ සිගමන් යදිමින් ජීවිකාව ගෙනගොස් ඇති බව පරික්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය කියයි.

මියගිය අයගේ සිරුර හමුවු ස්ථානය අසල ඇති ඔහු පදිංචිව සිටි කුඩා නිවස පරික්ෂාකළ නිලධාරිහු එහි තිබු දැඩි ලෙස කළු පැහැ ගැන්වි ඇති කොට කලිසමක් පරික්ෂා කිරිමේදී එහි රහස් සාක්කු කිහිපයක තිබි මෙම විශාල මුදල් ප්‍රමාණයක් සොයා ගෙන ඇත

හදිසි මරණ පරික්ෂකවරා ඉදිරියේදී එලෙස සොයාගත් රුපියල් පන්දහස, දහස, පන්සියය, සීයය, පනහ, විස්ස,දහය යන අගයන්ගෙන් යුත් මුදල් නෝට්ටු සහ විවිධ අගයන්ගෙන් යුත් කාසිවල වටිනාකම ගණනයකළ අතර රුපියල් තුන් ලක්ෂ අසූ හතර දහස් අටසිය හැට හතක මුදලක් තිබූ බව පොලිසය කියයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?