යාගි සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට ඉන්දියාවෙන් මානුෂීය ආධාර

සද්භාව් මෙහෙයුමේ කොටසක් ලෙස ඉන්දීය රජය යාගි සුලි කුණාටුවෙන් විපතට පත් මියන්මාරය, වියට්නාමය සහ ලාඕසය වෙත මානුෂීය ආධාර යවා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් පවසනවා.

යාගි සුළි කුණාටුවත් සමග ඇති වූ දරුණු ගංවතුරෙන් පසු වියට්නාමයේ හැනෝයි හි මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සැපයීම සඳහා ඉන්දියානු ගුවන් හමුදාව (IAF) ඉරිදා සිය C-17 Globemaster ගුවන් යානය යෙදවූවා.

වියට්නාමය සඳහා ජලය පිරිපහදු කරන ද්‍රව්‍ය, ජල බහාලුම්, බ්ලැන්කට්, මුළුතැන්ගෙයි උපකරණ, සූර්ය පහන් ඇතුළු ආධාර ටොන් 35ක් රැගෙන එම යානාය හැනෝයි වෙත ළඟා වුණා.

X හි සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් පැවසුවේ, යාගි සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව සමඟ අපගේ සහයෝගීතාව ප්‍රදර්ශනය කරමින්, ඉන්දියාව මියන්මාරය, වියට්නාමය සහ ලාඕසය වෙත වියළි ආහාර ඇතුළු ආධාර ටොන් 10 ක් රැගෙන ඉන්දීය නාවික හමුදාවට අයත් INS Satpura නෞකාව පිටත් වූ බවයි.

වසරේ ආසියාවේ ප්‍රබලතම කුණාටුව ලෙස පිළිගැනෙන යාගි සුළි කුණාටුව, පසුගිය සතිය තුළ දකුණු චීනය සහ අග්නිදිග ආසියාව පුරා දැඩි විනාශයක් ඇති කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද කොමිසමේ වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය සජීවීව
00:00
Video thumbnail
කොල්ලො මට අපිලගෙ සාදු කියන්නේ ආදරේටනේ ඉතින්
06:52
Video thumbnail
මේක නම් ෆිල්ම් එකක කෑල්ලක් වගේ - බලං හිටපු අයත් මේකට පුදුම වෙලා
03:51
Video thumbnail
දේශබන්දුට අද ඇප හම්බවෙයිද ? රටම බලං ඉන්න නඩුවේ අලුත්ම තත්ත්වය මෙන්න
04:36
Video thumbnail
පිටකොටුවේ වැඩි මිලට විකුණන පොත් අල්ලපු මෙහෙයුම
09:13
Video thumbnail
පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි - කුට්ටි ආණ්ඩුවට අමතයි
17:38
Video thumbnail
මේ උඹව මකවලා යවන්නේ දැනගනින් - ගෝල්ෆේස් එකේ රඟන ෆේක් චණ්ඩි
02:39
Video thumbnail
සහෝදරයන්ගේ හදවතට කරපු කතාව - අත්පුඩියක් ගහන්න සහෝදරයා හයියෙන්
18:59
Video thumbnail
හිරුණිකා උදේ පාන්දර ආණ්ඩුවට විහිළු කරයි
33:26
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04

?