යාගි සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට ඉන්දියාවෙන් මානුෂීය ආධාර

සද්භාව් මෙහෙයුමේ කොටසක් ලෙස ඉන්දීය රජය යාගි සුලි කුණාටුවෙන් විපතට පත් මියන්මාරය, වියට්නාමය සහ ලාඕසය වෙත මානුෂීය ආධාර යවා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් පවසනවා.

යාගි සුළි කුණාටුවත් සමග ඇති වූ දරුණු ගංවතුරෙන් පසු වියට්නාමයේ හැනෝයි හි මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සැපයීම සඳහා ඉන්දියානු ගුවන් හමුදාව (IAF) ඉරිදා සිය C-17 Globemaster ගුවන් යානය යෙදවූවා.

වියට්නාමය සඳහා ජලය පිරිපහදු කරන ද්‍රව්‍ය, ජල බහාලුම්, බ්ලැන්කට්, මුළුතැන්ගෙයි උපකරණ, සූර්ය පහන් ඇතුළු ආධාර ටොන් 35ක් රැගෙන එම යානාය හැනෝයි වෙත ළඟා වුණා.

X හි සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් පැවසුවේ, යාගි සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව සමඟ අපගේ සහයෝගීතාව ප්‍රදර්ශනය කරමින්, ඉන්දියාව මියන්මාරය, වියට්නාමය සහ ලාඕසය වෙත වියළි ආහාර ඇතුළු ආධාර ටොන් 10 ක් රැගෙන ඉන්දීය නාවික හමුදාවට අයත් INS Satpura නෞකාව පිටත් වූ බවයි.

වසරේ ආසියාවේ ප්‍රබලතම කුණාටුව ලෙස පිළිගැනෙන යාගි සුළි කුණාටුව, පසුගිය සතිය තුළ දකුණු චීනය සහ අග්නිදිග ආසියාව පුරා දැඩි විනාශයක් ඇති කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58