යළි පාසල් ආරම්භය දෙසැම්බර් 16 වනදා

තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වෙනිදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව පවසනවා.

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගනු ලැබූ බවයි ලේකම්වරයා පැවසුවේ.

පාසල් ආරම්භක දිනයේ යළි වෙනස් කිරීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන බවයි අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර උසස් පෙළ විභාගය දින නියමක් නොමැතිව කල්දැමීමට පියවර ගෙන ඇති බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
7
+1
9
+1
5
+1
11
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?