යවපු කෙටි පණිවිඩ නිසා හිරේට ගිය තරුණයා

සිය ගිණුම්වලට මුදල් ලැබී ඇති බව පවසමින් මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍යය බැංකුවක ගනුදෙනුකරුවන්ට ව්‍යාජ කෙටි පණිවුඩය යැවූ බව කියන සැකකාර පුද්ගලයකු මැයි මස 5 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (28) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ වන්නකු වඩුගේ තෙනුක සචින්ත නමැත්තෙකු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

එම රාජ්‍ය බැංකු මූලස්ථානයේ තාක්ෂණික කළමනාකාරවරයා 2022 වර්ෂයේ කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූවා.

එම රාජ්‍ය බැංකුවට අයත් ගම්පහ ශාඛාවේ ගනුදෙනුකරුවන් කිහිප දෙනෙකුට එවැනි කෙටි පණිවිඩ කිහිපයක් ලැබී ඇති නමුත් එම ගිණුම්වලට මුදල් ලැබී නොමැති බව ද එම නිලධාරින් අධිකරණයට දැනුම්දුන්නා.

එම සිද්ධියෙන් අනතුරුව එම බැංකු මූලස්ථානයේ තාක්ෂණික කළමනාකාරවරයා පැමිණිල්ල කළ බව ද විමර්ශන නිලධාරිහු අධිකරණයට දන්නා සිටියා.

අදාළ බැංකුවේ පරිගණක පද්ධතියට ඇතුල්වී එම කෙටි පණිවුඩ යොමු කරන පුද්ගලයා කවුද යන්න පිළිබඳව දීර්ඝ ලෙස විමර්ශනය කළ බවත් ඒ අනුව එම සැකකාර පුද්ගලයා හඳුනාගෙන අත්අඩංගුවට ගත් බව ද එම නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා.

සැකකාර පුද්ගලයා සිංගප්පූරුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු බවත් පරිගණක දත්ත පද්ධතියක් හරහා ඔහු එම කෙටි පණිවුඩ යවා ඇතිි නමුත් කිසිදු ගනුදෙනුකරුවෙකුගේ ගිණුම්වලින් මුදල් ලබාගෙන වංචා කර නොමැති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම්දුන්නා.

සිද්ධියට අදාළ ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග එම නිලධාරීන්ට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකාර පුද්ගලයා එසේ රක්ෂිත බන්ධනාගාරගත කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
11
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51
Video thumbnail
පදක්කමේ ලොක්කෙක් එක්ක ගැන්සි පිටින් බැහැලා පුද්ගලයෙක්ට තගදාලා..ප#රකෑ පුද්ගලයා සියල්ල හෙළිකරයි
01:26
Video thumbnail
බුත්තලදී සිදුවූ බිහිසුණු රිය අනතුර..බයික් එකක් ටිපර් එක ය# - පාරත් කඩාගෙන ගිහින්
01:03
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
00:00


?