යල කන්නයේ වගා කටයුතුවලට ජලය ලබාදීම මාර්තු 15 වැනිදායින් පසුව

යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට ජලය මාර්තු මස 15 වැනිදායින් පසු නිකුත් කිරීම පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කර තිබෙනවා.

ඒ එම කාරක සභාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 28 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී යල කන්නයේ වැඩි බිම් ප්‍රමාණයක වගා කටයුතු ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් මෙලෙස කුඹුරු සඳහා ජලය මාර්තු මස 15 වැනිදායින් පසුව නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවා.

එමෙන්ම ලබන අප්‍රේල් මස අවසාන වනවිට සියලුම කුඹුරු වගා කර අවසන් වනු ඇති බව ද නියෝජ්‍ය
අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

කුඹුරු ඉඩම් ගොඩකීරීම සම්බන්ධව ද පවතින ගැටලු පිළිබඳව ද මන්ත්‍රීවරයන් කාරක සභාවේ අවධානය යොමු කළා.

මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා “එක මිටට ගොවි බිමට” යන වැඩසටහන පිළිබඳ ව පැහැදිළි
කිරීමක් සිදු කළ අතර ඒ අනුව “ එක මිටට ගොවි බිමට ” යනු පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහක් නොවන බවත් ඒ ඒ ප්‍රදේශයන් හි විද්‍යාත්මක පදනමකින් වගා කළ හැකි බෝග හඳුනාගෙන අදාළ ප්‍රදේශයේ ගොවිජන කොමසාරිස්වරයාගේ අනුමතිය සහිතව එම බෝග වර්ග වගා කළ හැකි බව සභාපතිවරයා වැඩිදුරටත්
අදහස් දක්වමින් කියා සිටියා.

මේ අතර මෙරටට අවශ්‍ය බඩඉරිඟු තොග සම්බන්ධයෙන් ද කාරක සභාවේ දී සාකච්ඡා කෙරුණා.

ඒ අනුව සත්ත්ව ආහාර සඳහා 2024 සිට 2025 ජනවාරි 31 වැනිදා දක්වා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 275,000 අසන්න ප්‍රමාණයක් ආනයනය කර ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූවා.

මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා පසුගිය ජනවාරි 31න් පසු බඩඉරිඟු ආනයනය නතර කර ඇති බව ප්‍රකාශ කළා.

කෙසේවෙතත් බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක වාර්ෂික අවශ්‍යතාව පවතින නමුත් මෙරට බඩඉරිඟු නිෂ්පාදනය එම අවශ්‍යතාව සපුරාගැනීමට ප්‍රමාණවත් නොවන බව වැඩිදුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නතර කර ඇති බඩඉරිඟු ආනයනය නැවත වරක් ආරම්භ කිරීමට ඉදිරියේ දී සිදුවනු ඇති බව ද කාරක සභා සභාපතිවරයා පැවසුවා.

මෙහිදී බඩඉරිඟු ආනයනය කරන්නේනම්; සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ද අවස්ථාවක් ලබාදීමේ අවශ්‍යතාව පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු වුණා.

එමෙන්ම මේ වන විට මෙරට බඩඉරිඟු වගා කරන භූමි ප්‍රමාණය හෙක්ටයාර විසිදහසක් දක්වා වැඩි කිරීමේ සැලසුමක් ද සකස් කර තිබෙන බව කාරක සභාව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58