AFC Banner
AFC Banner
Empty Ad

යතුරු පැදි 2ක් එකිනෙක ගැටී අවුරුදු 8ක දැරියක් ජීවිතක්ෂයට

ගලෙන්බිඳුණුවැව අනුරාධපුර මාර්ගයේ වැලෑනේගම හංදියේ දී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 8ක කුඩා දැරියක් මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මියගොස් ඇත්තේ ස්කූටර් වර්ගයේ යතුරු පැදියෙන් මව සමග ගමන් කරමින් සිටි වැලෑනේගම ප්‍රදේශයේ පදිංචි කුඩා දියණියක්.

ඇය තම මව සහ අවුරුදු 14ක් වන සහෝදරයා සමග යතුරුපැදියකින් ගලෙන්බිඳුණුවැව සිටඋපුල්දෙනිය දෙසට ගමන් කරමින් සිට තිබුණා.

එහිදී අනුරාධපුර සිට ගලෙන්බිඳුණුවැව දක්වා දෙදෙනකු ගමන් කරමින් සිටි තවත් යතුරුපැදියක් සමග ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි සඳහන්.

අනතුර ලක්වූවන් එම ස්ථානයේ සිටි පිරිස විසින් ගලෙන්බිඳුණුවැව රෝහලට ඇතුළත් කර ඇති අතර මියගිය දැරිය මෙන්ම ඇයගේ මව සහ සහෝදරායාගේ තත්වය බරපතල බැවින් ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

එහි ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනෙක් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා මේ වන විට ගලෙන්බිඳුණුවැව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අනතුර සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිසියයි විමර්ශන සිදු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?