යතුරු පැදි 2ක් එකිනෙක ගැටී අවුරුදු 8ක දැරියක් ජීවිතක්ෂයට

ගලෙන්බිඳුණුවැව අනුරාධපුර මාර්ගයේ වැලෑනේගම හංදියේ දී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 8ක කුඩා දැරියක් මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මියගොස් ඇත්තේ ස්කූටර් වර්ගයේ යතුරු පැදියෙන් මව සමග ගමන් කරමින් සිටි වැලෑනේගම ප්‍රදේශයේ පදිංචි කුඩා දියණියක්.

ඇය තම මව සහ අවුරුදු 14ක් වන සහෝදරයා සමග යතුරුපැදියකින් ගලෙන්බිඳුණුවැව සිටඋපුල්දෙනිය දෙසට ගමන් කරමින් සිට තිබුණා.

එහිදී අනුරාධපුර සිට ගලෙන්බිඳුණුවැව දක්වා දෙදෙනකු ගමන් කරමින් සිටි තවත් යතුරුපැදියක් සමග ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි සඳහන්.

අනතුර ලක්වූවන් එම ස්ථානයේ සිටි පිරිස විසින් ගලෙන්බිඳුණුවැව රෝහලට ඇතුළත් කර ඇති අතර මියගිය දැරිය මෙන්ම ඇයගේ මව සහ සහෝදරායාගේ තත්වය බරපතල බැවින් ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

එහි ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනෙක් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා මේ වන විට ගලෙන්බිඳුණුවැව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අනතුර සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිසියයි විමර්ශන සිදු කරනු ලබන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39