spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් තරුණයෙක් ජිවිතක්ෂයට(ඡායාරූප)

ගලෙන්බිඳුනුවැව සීප්පුකුලම මාර්ගයේ හිඹුටුගොල්ලෑව මංසන්ධියේදී යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදු වි තිබෙනවා.

ඊයේ (15) සවස 4.50 සිදුවු මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ගලෙන්බිඳුනුවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව ගලෙන්බිඳුනුවැව පොලිසිය පවසනවා.

මියගිය තරුණයා ගලෙන්බිඳුණුවැව විසිඑක ජනපදයේ පදිංචි 23 හැවිරිදි විවාහක අයෙක්.

ටිපර් රථය සීප්පුකුලම ප්‍රදේශයේ සිට ගලෙන්බිඳුනුවැව දක්වා ඇති මාර්ගයේ පැමිණ හිඹුටුගොල්ලෑව මංසන්ධියෙන් දකුණට හරවා ඇති බවත් යතුරුපැදිකරු තවත් මිතුරෙකු සමග ගලෙන්බිඳුනුවැව නගරයේ සිට සිප්පුකුලම මාර්ගයේ පැමිණ ටිපර් රථයේ බඳෙහි වැදි ඇති බවත් පොලිසිය පවසා සිටිනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදියෙන් පැමිණි දෙදෙනා ඒ මොහොතේම ගලෙන්බිඳුණුවැව රෝහලට ඇතුළත් කර තිබුණ මුත් පොලීසිය පවසන්නේ එහි දී යතුරු පැදිය පැදවූ තරුණයා මියගොස් සිටි බවත් යතුරුපැදියේ පිටුපස පැමිණි අනෙක් පුද්ගලයා ද බරපතල තුවාල ලබා සිට ඇති අතර ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ බවත්ය.

එම තුවාලකරුගේ එක් පාදයක් සම්පූර්ණයෙන් කැඩී ගොස් තිබූ බව පොලිසිය වැඩිදුරටත් පවසා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (16) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මියගිය තරුණයාගේ සිරුර මේ වන විට ගලෙන්බිදුනුවැව මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ස්ථානීය මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (16) සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?