AFC Banner
AFC Banner
Empty Ad

යතුරුපැදි අනතුරුවලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ප්‍රදේශ දෙකක සිදු වූ යතුරුපැදි අනතුරුවලින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

බුත්තල සහ ආණමඩුව ප්‍රදේශවලදීයි මෙම අනතුරු සිදුවී ඇත්තේ.

ඊයේ සවස බුත්තල කතරගම මාර්ගයේ වැලිමිටුල්ල ප්‍රදේශයට යන අතුරු මාර්ගයේදී එක් අනතුරක් සිදු වුණා.

වැලිමිටුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක ප්‍රති විරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුවී ඇත්තේ.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු බුත්තල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

බුත්තල ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් මෙම අනතුරින් මරණයට පත්වූ අතර මෘත ශරීරය බුත්තල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මේ අතර ආණමඩුව නගරය ආසන්නයේදී සිදු වූ තවත් යතුරුපැදි අනතුරකින් 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඊයේ රාත්‍රී මෙම අනතුර සිදුවී ඇත්තේ පුත්තලම දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පදිකයෙකුගේ වැටී පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරියක ගැටීමෙනුයි.

අනතුරින් තුවාල ලැබූ පදිකයා සහ යතුරුපැදියේ ගමන් කළ තරුණයා රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි යතුරුපැදිකරු මියගොස් ඇත්තේ.

යතුරුපැදිකරුගේ මෙන්ම ලොරි රථ රියදුරාගේ අපරීක්ෂාකාරී ධාවනයන් හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?