යතුරුපැදි අනතුරුවලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ප්‍රදේශ දෙකක සිදු වූ යතුරුපැදි අනතුරුවලින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

බුත්තල සහ ආණමඩුව ප්‍රදේශවලදීයි මෙම අනතුරු සිදුවී ඇත්තේ.

ඊයේ සවස බුත්තල කතරගම මාර්ගයේ වැලිමිටුල්ල ප්‍රදේශයට යන අතුරු මාර්ගයේදී එක් අනතුරක් සිදු වුණා.

වැලිමිටුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක ප්‍රති විරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුවී ඇත්තේ.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු බුත්තල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

බුත්තල ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් මෙම අනතුරින් මරණයට පත්වූ අතර මෘත ශරීරය බුත්තල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මේ අතර ආණමඩුව නගරය ආසන්නයේදී සිදු වූ තවත් යතුරුපැදි අනතුරකින් 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඊයේ රාත්‍රී මෙම අනතුර සිදුවී ඇත්තේ පුත්තලම දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පදිකයෙකුගේ වැටී පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරියක ගැටීමෙනුයි.

අනතුරින් තුවාල ලැබූ පදිකයා සහ යතුරුපැදියේ ගමන් කළ තරුණයා රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි යතුරුපැදිකරු මියගොස් ඇත්තේ.

යතුරුපැදිකරුගේ මෙන්ම ලොරි රථ රියදුරාගේ අපරීක්ෂාකාරී ධාවනයන් හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26