යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

තිස්ස කතරගම ප්‍රධාන මාර්ගයේ පුංචි අකුරුගොඩ ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද දහවල් සිදු වූ අනතුරින් මියගොස් ඇත්තේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි කතරගම පොලිසියට අනුයුක්තව සේවය කළ 22 හැවිරිදි කොස්තාපල්වරයෙක්.

තිස්සමහාරාම ප්‍රදේශයේ සිට කතරගම දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ට්‍රැක්ටර් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියේ ගැටී තිබෙනවා.

එම අනතුරින් යතුරුපැදියේ ගමන් කළ පොලිස් කොස්තාපල්වරයා බරපතල තුවාල ලබා දෙබරවැව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි සඳහන්.

ඔහු වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නිලධාරියා තවත් පොලිස් නිලධාරියෙකු සමග සිවිල් ඇඳුමෙන් සැරසී යතුරු පැදියකින් තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරී කාර්යාලය වෙත රාජකාරී අවශ්‍යතාවයකට ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වී තිබෙනවා.

යතුරු පැදිය පදවා ඇති නිලධාරියාට කිසිදු තුවාලයක් සිදුව නොමැති බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07