spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

තිස්ස කතරගම ප්‍රධාන මාර්ගයේ පුංචි අකුරුගොඩ ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද දහවල් සිදු වූ අනතුරින් මියගොස් ඇත්තේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි කතරගම පොලිසියට අනුයුක්තව සේවය කළ 22 හැවිරිදි කොස්තාපල්වරයෙක්.

තිස්සමහාරාම ප්‍රදේශයේ සිට කතරගම දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ට්‍රැක්ටර් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියේ ගැටී තිබෙනවා.

එම අනතුරින් යතුරුපැදියේ ගමන් කළ පොලිස් කොස්තාපල්වරයා බරපතල තුවාල ලබා දෙබරවැව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි සඳහන්.

ඔහු වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නිලධාරියා තවත් පොලිස් නිලධාරියෙකු සමග සිවිල් ඇඳුමෙන් සැරසී යතුරු පැදියකින් තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරී කාර්යාලය වෙත රාජකාරී අවශ්‍යතාවයකට ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වී තිබෙනවා.

යතුරු පැදිය පදවා ඇති නිලධාරියාට කිසිදු තුවාලයක් සිදුව නොමැති බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?