යතුරුපැදියෙන් පාරට පැමිණි පාසල් සිසුවා බසයේ ගැටී අවසන් ගමන් යයි

බණ්ඩාරගම පොලිස් වසමේ පානදුර – හොරණ මාර්ගයේ කොතලාවල හන්දිය අසළ දී අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ප්‍රවේශ වීමට ගිය යතුරුපැදියක් හොරණ දෙසට ධාවනය වූ මගී බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු බණ්ඩාරගම රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 17 ක් වූ යටියන, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.

අනතුර සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?