යතුරුපැදියක් ගන්න ස්වර්ණාභරණ සොරකමේ ගිහින්

දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු වී රුපියල් 880000ක් වටිනා රන් භාණ්ඩ සොරා
ගත් සැකකරුවෙකු ලබන මාර්තු මස 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය යි ඊයේ මෙම නියෝගය ලබාදී ඇත්තේ.

හොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු පැමිණිලිකාරිය ගේ ඥාති සහෝදරයෙකු බව සඳහන්.

පසුගිය 17 වෙනිදා පැමිණිලිකාරිය නිවසින් බැහැරව සිටි අවස්ථාවක මෙම සැකකරු නිවසේ ජනේලයක් විවෘත කර නිවසට ඇතුළු වී සොරකම සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සොරාගන්නා ලද රන්මාල දෙකක්, රන් මුදු දෙකක් සහ රන් අත් පළඳනා දෙකක් ඇතුළු රන් භාණ්ඩ රැසක් ජාඇල ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවි සැළකට ලබාදී වෙනත් රන් ආභරණ ලබා ගෙන ඇති බව පොලිසිය විමර්ශනවලදී හෙළිකරගෙන තිබෙනවා.

සැකකරු සොරාගන්නා ලද සියලු රන් භාණ්ඩ සහ මිලදී ගත රන් භාණ්ඩ පොලිස් භාරයට ගනු ලැබුවා.

සැකකරු එම රන් භාණ්ඩවලට හිමිකම් නොකියන බවත් ඒවා සොරා ගෙන ඇත්තේ යතුරු පැදියක් මිලදී ගැනීමේ ආශාව මත බවයි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46