spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යතුරුපැදියකට ඉඩ ලබා දිමට ගිය ලොරි රථය ඩේවෝන් ඇළට පෙරළෙයි (ඡායාරූප)

ඊයේ (22) දින පස්වරු 04 පමණ හැටන් කොටගල යදන් සයිඩ් වතු යායට පිවිසෙන මාර්ගයේ පිහිටි පාලම අසලදියි මෙම අනතුර සිදු වි ඇත්තේ.

යදන් සයිඩ් වතුයායේ සිට කොටගල නගරය දක්වා ධාවනය වු ලොරි රථය ප්‍රතිවිරුද්ද දිශාවෙන් ධාවනය වු යතුරු පැදියකට පාලම මත දි ඉඩ ලබා දිමට යාමේදි ලොරි රථය පාලමේ ආර්ක්ෂිත වැටද කඩා ගෙන අඩි 20 ක් පමණ පහළින් වු ඩෙවෝන් ඇලට පෙරළිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාල කරුවන් වැඩි දුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවා ඇති බව දිඹුල පතන පොලිසිය පැවසුවා.

ලොරි රථය අනතුරට පත් වන අවස්ථාවේ ලොර රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇතත් අනතුරින් ලොරි රථයේ පසු පස ගමන් ගත් දෙදෙනාට කිසිදු අනතුරක් සිදු වි නොමැති බවත් , අනතුරින් ලොරි රථයට සහ පාලමේ ආර්ක්ෂිත වැටට දැඩි අලාභහානි සිදු වි ඇති බවයි දිඹූල පතන පොලිසිය පවසා සිටියේ.

සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ දිඹුල පතන පොලිසිය සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?