AFC Banner
Empty Ad
Empty Ad

මෝදි සහ බයිඩන් දූරකථන සංවාදයක

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සමඟ දුරකථන සංවාදයක නිරත වෙමින් යුක්රේනයේ තත්ත්වය ඇතුළු කලාපීය හා ගෝලීය ගැටළු පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

නායකයින් දෙපළ බංග්ලාදේශයේ තත්ත්වය පිළිබඳව ද සාකච්ඡා කර ඇති අතර, රටේ කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ බව ANI වාර්තා කළා.

රටේ සුළු ජාතීන්ගේ, විශේෂයෙන් හින්දු ජනතාවගේ ආරක්ෂාව ද සහතික කර තිබෙනවා.

මෙම සංවාදය සිදුවූයේ අගමැති මෝදිගේ පෝලන්තයේ සහ යුක්රේනයේ සංචාරයෙන් දින කිහිපයකට පසුවය.

සාමය සහ ස්ථාවරත්වය කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය අගමැති මෝදි නැවත අවධාරණය කර තිබෙනවා.

අගමැති මෝදි පසුගිය සිකුරාදා යුක්රේනයේ සංචාරයක නිරත වූ අතර, එය ඉන්දීය අගමැතිවරයෙකු යුරෝපීය රටට ගිය පළමු අවස්ථාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?