මෝදි සහ පෝලන්ත අගමැති අතර සාකච්ඡා

චාරිත්‍රානුකූල පිළිගැනීමකින් පසුව, අගමැති නරේන්ද්‍ර මෝදි පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක් සමඟ වෝර්සෝහිදී ඊයේ (23) ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණා.

“ඉන්දියා-පෝලන්ත හවුල්කාරීත්වයේ නව සන්ධිස්ථානයක්. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෝර්සෝ හි ෆෙඩරල් චාන්සලරියේ දී පෝලන්ත අගමැති ඩොනල්ඩ් ටස්ක් විසින් උණුසුම් ලෙස පිළිගත් අතර චාරිත්‍රානුකූල පිළිගැනීමක් ලබා දුන්නා.

වසර 45කට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු පෝලන්තයට කරන ලද මෙම සංචාරය ඉන්දියා – පෝලන්ත හවුල්කාරිත්වයට නැවුම් ජවයක් ලබා දෙනු ඇත,” යනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය X හි සටහනක් තබමින් සඳහන් කළා.

අගමැති මෝදි බදාදා පෝලන්තයට ළඟා වූ අතර එය වසර 45කට පසු මධ්‍යම යුරෝපීය රටක ඉන්දීය රාජ්‍ය නායකයෙක් සිදු කරන පළමු සංචාරයයි.

ගුවන්තොටුපළේ සිට පැමිණෙන අගමැති මෝදිට සුබ පැතීමට ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් රැස්ව සිටියා.

ඔවුන් අගමැති මෝදිට ප්‍රශංසා කරමින් ද “භාරත් මාතා කී ජායි” යනුවෙන් ද හඬ නැගූ බව ani වාර්තා කළා.

අග්‍රාමාත්‍ය මෝදි වෝර්සෝ සංචාරයේ දෙවන දිනයේ දී ජනාධිපති ඇන්ඩ්‍රේජ් ඩුඩා සමඟ සාකච්ඡාවල නිරත වූ අතර පසුව අගමැති ටස්ක් විසින් පවත්වන ලද දිවා භෝජන සංග්‍රහයකට එක් වුණා.

අග්‍රාමාත්‍ය මෝදි නාඳුනන සොල්දාදුවාගේ සොහොන වෙත පුෂ්පෝහාර දැක්වීමට ද එක් වුණා.

ඔහු වෝර්සෝ හි ව්‍යාපාරික නායකයින් ද හමුවීමට නියමිතයි.

අගමැති මෝදිගේ පෝලන්තයේ සංචාරය නවදිල්ලිය සහ වෝර්සෝ අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇති අතර, ඉන්දියාව සහ පෝලන්තය සමාජ ආරක්ෂණ ගිවිසුමකට එකඟ වී ඇති බව ප්‍රකාශ කෙරුණා.

නව තාක්‍ෂණය සහ පිරිසිදු බලශක්තිය වැනි ක්ෂේත්‍රවල දෙරට අතර හවුල්කාරිත්වය ශක්තිමත් වෙමින් පවතින බව මෝදි ප්‍රකාශ කළා.

පෝලන්තයේ වෝර්සෝ හි ඉන්දීය ප්‍රජාව අමතමින් අගමැති මෝදි පැවසුවේ, “නවෝත්පාදනයන් සහ තරුණයන් ජාතීන් දෙකෙහිම සංවර්ධනයට ශක්තිය ලබා දෙනු ඇති බවත් වාර්තා වනවා.

”අද මම ඔබ හමුවට ආවේ ලොකු සුභ ආරංචියක් අරගෙන. ඔබ වැනි සියලුම මිතුරන්ට ප්‍රතිලාභ සැලසෙන සමාජ ආරක්ෂණ ගිවිසුමකට ඉන්දියාව සහ පෝලන්තය යන රටවල් දෙකම එකඟ වී ඇත.’’ යනුවෙනි.

ඉන්දීය සිසුන්ට අවස්ථාවන් විවෘත කිරීම සහ වීසා සීමාවන් ඉවත් කිරීම ගැන ඔහු පෝලන්ත රජයට ස්තූතිය ද පළ කළා.

අග්‍රාමාත්‍ය මෝදි පෝලන්තයේ සිය කටයුතු අවසන් කිරීමෙන් පසු යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ ආරාධනයකට අනුව යුක්රේනය බලා පිටත්ව යාමට නියමිතයි.

එය ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු යුක්රේනයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?