දඹුල්ලේ ආහාර ගබඩා කිරීමේ ශීතාගාරය (උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව) නිරීක්ෂණය කිරීම සඳහා විපක්ෂයේ නායකයින් පිරිසක් ගොස් තිබෙනවා.
ඔවුන් පවසන්නේ මීට මාස කිහිපයකට පෙර විවෘත කරන ලද ආහාර ගබඩාකිරීමේ ශිතාගාරය විවෘත කළ දිනයේ සිටම අක්‍රීයව පවතින බවයි.
මෙරටට පැමිණි ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මෙම ශීතාගාරය විවෘත කළ අතර, එම ශීතාගාරය තුළ එළවළු පළතුරු ඇතුළු ආහාර වර්ග ගබඩාකර තැබීමට හැකියාව පවතිනවා.
ශීතාගාරය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එළවළු පළතුරු ඇතුළු ආහාර තොග ගබඩාකිරීමට නොහැකිවීම නිසා එම එළවළු පළතුරු ඇතුළු ආහාර වර්ග රැසක් විනාශ වී යන බවයි එහි ගිය නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර සඳහන් කළේ.
එමෙන්ම මෙම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ සේවා ආරම්භයට පෙරම රුපියල් 8,409,000ක විදුලි බිලක් ලැබී ඇතැයි අද (15) අනාවරණය වුණා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන උදය ගම්මන්පිල, නිමල් පියතිස්ස, සංජීව එදිරිමාන්න, ප්‍රේමනාත් සී. දොලවත්ත, ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් සහ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියා.




