මෝදි රුසියාවේ සංචාරයකට සූදානමින්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එළෙඹෙන ජුලි මාසයේ රුසියාවේ සංචාරය කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජුලි 08 වනදා රුසියාවට පැමිණීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

වාර්ෂික සමුළු යාන්ත්‍රණය යටතේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මෝදිගේ රුසියානු රාජ්‍ය සංචාරය සඳහා සක්‍රීය සූදානමක් පවතින බව මොස්කව් හි ක්‍රෙම්ලිනයේ නිලධාරියෙකු ද තහවුරු කර තිබෙනවා.

පුටින් ජනාධිපතිවරයා මේ වසරේ මැයි මාසයේ දී අඛණ්ඩව පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අතර, නරේන්ද්‍ර මෝදි ද නොකඩවා තෙවැනි වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ජුනි 09 වැනිදා දිවුරුම් දුන්නා.

අග්‍රාමාත්‍ය මෝදිගේ මෙම සංචාරය සිදු වුවහොත්, 2022 පෙබරවාරි මාසයේ දී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් පසු මෝදිගේ පළමු රුසියාවේ සංචාරය වනු ඇති.

රුසියාවේ දිගුකාලීන මිත්‍රයෙකු වන ඉන්දියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම පැහැදිලි හෙළා දැකීමෙන් ඈත් වී සිටිනවා.

අගමැති මෝදි සහ පුටින් අවසන් වරට 2022 සැප්තැම්බර් 16 දින උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හිදී ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවකට එක්වෙමින් ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?