මෝදි රුසියාවේ සංචාරයකට සූදානමින්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එළෙඹෙන ජුලි මාසයේ රුසියාවේ සංචාරය කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජුලි 08 වනදා රුසියාවට පැමිණීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

වාර්ෂික සමුළු යාන්ත්‍රණය යටතේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මෝදිගේ රුසියානු රාජ්‍ය සංචාරය සඳහා සක්‍රීය සූදානමක් පවතින බව මොස්කව් හි ක්‍රෙම්ලිනයේ නිලධාරියෙකු ද තහවුරු කර තිබෙනවා.

පුටින් ජනාධිපතිවරයා මේ වසරේ මැයි මාසයේ දී අඛණ්ඩව පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අතර, නරේන්ද්‍ර මෝදි ද නොකඩවා තෙවැනි වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ජුනි 09 වැනිදා දිවුරුම් දුන්නා.

අග්‍රාමාත්‍ය මෝදිගේ මෙම සංචාරය සිදු වුවහොත්, 2022 පෙබරවාරි මාසයේ දී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් පසු මෝදිගේ පළමු රුසියාවේ සංචාරය වනු ඇති.

රුසියාවේ දිගුකාලීන මිත්‍රයෙකු වන ඉන්දියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම පැහැදිලි හෙළා දැකීමෙන් ඈත් වී සිටිනවා.

අගමැති මෝදි සහ පුටින් අවසන් වරට 2022 සැප්තැම්බර් 16 දින උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හිදී ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවකට එක්වෙමින් ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58