මෝදිට අවමන් කළ මාලදිවයින් රජයේ ප්‍රබලයින් තිදෙනෙකුගේ සේවය අත්හිටුවයි

සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දියාවට සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අවමන් වන ආකාරයට අදහස් පළ කළ මාලදිවයින රජයේ අමාත්‍යවරුන් තිදෙනෙකුගේ සේවය අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

එක් අමාත්‍යවරයෙක් සහ අමාත්‍යවරියන් දෙදෙනෙක් මේ අතර වනවා.

මොවුන් තිදෙනා ඉන්දියාවට සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ලක්ෂද්වීප දුපත් සංචාරය සම්බන්ධයෙන් මෙලෙස අවමන් වන ආකාරයට අදහස් දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

“අසල්වැසි ඉන්දියාවට අපහාස වන ආකාරයේ සමාජ මාධ්‍යවල පළවන ඇතැම් පළ කිරීම් සම්බන්ධයෙන් මාලදිවයින් රජයේ ස්ථාවරය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය අද ප්‍රකාශයක් නිකුත් කළා” යනුවෙන් මාලදිවයින් රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

“රජයේ තනතුරු දරමින් සමාජ මාධ්‍ය ජාලාවල මෙවැනි පළකිරීම් කළ අයගේ සේවය දැන් අත්හිටුවා තිබෙනවා.” යනුවෙන් එම නිවේදනයේ සඳහන්.

මෙම අමාත්‍යවරුන් මෙලෙස අදහස් පළකිරීමත් සමඟ මාලදිවයිනට පැමිණීමට සිටි ඉන්දීය සංචාරකයන් බොහෝ පිරිසක් එම සංචාරයන් අවලංගු කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මෙම ප්‍රකාශය “බියජනක” ලෙස විස්තර කළ අතර, මෙවැනි ප්‍රකාශවලින් ඈත්වන ලෙස ජනාධිපති මොහොමඩ් මුයිසුගේ රජයෙන් ඔහු ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
7
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා, තාත්තා, නංගි හැමෝම නැතිවුණා - ජනපති සංවේදී වෙයි
01:10
Video thumbnail
වැටුපෙන් කොටසක් ආපදා සහනවලට බැර කරලම අධ්‍යාපන අමාත්‍යාංශයේ නව වැඩ අරඹයි
01:40
Video thumbnail
තම ආදරණීයයන් අහිමි වූ අසරණයින් දැක ජනපති සංවේදී වෙයි
08:18
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48


?