මෝදිට අවමන් කළ මාලදිවයින් රජයේ ප්‍රබලයින් තිදෙනෙකුගේ සේවය අත්හිටුවයි

සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දියාවට සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අවමන් වන ආකාරයට අදහස් පළ කළ මාලදිවයින රජයේ අමාත්‍යවරුන් තිදෙනෙකුගේ සේවය අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

එක් අමාත්‍යවරයෙක් සහ අමාත්‍යවරියන් දෙදෙනෙක් මේ අතර වනවා.

මොවුන් තිදෙනා ඉන්දියාවට සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ලක්ෂද්වීප දුපත් සංචාරය සම්බන්ධයෙන් මෙලෙස අවමන් වන ආකාරයට අදහස් දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

“අසල්වැසි ඉන්දියාවට අපහාස වන ආකාරයේ සමාජ මාධ්‍යවල පළවන ඇතැම් පළ කිරීම් සම්බන්ධයෙන් මාලදිවයින් රජයේ ස්ථාවරය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය අද ප්‍රකාශයක් නිකුත් කළා” යනුවෙන් මාලදිවයින් රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

“රජයේ තනතුරු දරමින් සමාජ මාධ්‍ය ජාලාවල මෙවැනි පළකිරීම් කළ අයගේ සේවය දැන් අත්හිටුවා තිබෙනවා.” යනුවෙන් එම නිවේදනයේ සඳහන්.

මෙම අමාත්‍යවරුන් මෙලෙස අදහස් පළකිරීමත් සමඟ මාලදිවයිනට පැමිණීමට සිටි ඉන්දීය සංචාරකයන් බොහෝ පිරිසක් එම සංචාරයන් අවලංගු කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මෙම ප්‍රකාශය “බියජනක” ලෙස විස්තර කළ අතර, මෙවැනි ප්‍රකාශවලින් ඈත්වන ලෙස ජනාධිපති මොහොමඩ් මුයිසුගේ රජයෙන් ඔහු ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
7
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23