මෝදිගේ ලංකාගමනය ගැන X සටහනක්

හෙට (04) පස්වරුවේ දිවයිනට ඒමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තමන්ගේ ලංකාගමනය පිළිබඳ ව X සටහනක් තබා තිබෙනවා.

එහි දැක්වෙන්නේ; මෝදි අග්‍රාමාත්‍යවරයා හෙට සිට අප්‍රේල් මස 06 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සූදානමින් සිටින බවයි.

එම X සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙසේයි;

”මගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 4 වනදා සිට 6 වනදා දක්වා සිදු වනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සාර්ථක ඉන්දීය සංචාරයෙන් පසුව මෙම සංචාරය සිදු කෙරෙනවා. අපි බහුවිධ ඉන්දියා- ශ්‍රී ලංකා මිත්‍රත්වය සමාලෝචනය කර සහයෝගීතාවයේ නව මාර්ග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනවා. ඒ වෙනුවෙන් ඇති විවිධ සාකච්ඡා සඳහා ද මම එක්වීමට තීරණය කර තිබෙනවා..” යනුවෙන්.

මීට අමතර ව බිම්ස්ටෙක් රටවල් වන තායිලන්තය සහ ශ්‍රී ලංකාව සමග දීර්ඝ සහයෝගීතා ඇති කරගැනීම වෙනුවෙන් ද මෙම නිල සංචාරය සිදු කරන බව ද මෝදි සිය X සටහනේ දක්වා තිබෙනවා.

මේ වනවිට බිම්ස්ටෙක් සමුළුව සඳහා තායිලන්තයේ බැංකොක් හි රැඳී සිටින ඉන්දීය අගමැතිවරයා හෙට ශ්‍රී ලංකාවට ඒමට පෙර තායිලන්තයේ අගමැති පේටොංටාර්න් ෂිනවත්‍රා හමු වී ඉන්දීය – තායිලන්ත මිත්‍රත්වයේ වර්ධනය ගැනත් හෙට දිනයේ දී පෙරවරුවේ බිම්ස්ටෙක් සමුළුව ඇමතීමට ද සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27