මෝදිගේ ලංකාගමනය ගැන X සටහනක්

හෙට (04) පස්වරුවේ දිවයිනට ඒමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තමන්ගේ ලංකාගමනය පිළිබඳ ව X සටහනක් තබා තිබෙනවා.

එහි දැක්වෙන්නේ; මෝදි අග්‍රාමාත්‍යවරයා හෙට සිට අප්‍රේල් මස 06 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සූදානමින් සිටින බවයි.

එම X සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙසේයි;

”මගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 4 වනදා සිට 6 වනදා දක්වා සිදු වනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සාර්ථක ඉන්දීය සංචාරයෙන් පසුව මෙම සංචාරය සිදු කෙරෙනවා. අපි බහුවිධ ඉන්දියා- ශ්‍රී ලංකා මිත්‍රත්වය සමාලෝචනය කර සහයෝගීතාවයේ නව මාර්ග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනවා. ඒ වෙනුවෙන් ඇති විවිධ සාකච්ඡා සඳහා ද මම එක්වීමට තීරණය කර තිබෙනවා..” යනුවෙන්.

මීට අමතර ව බිම්ස්ටෙක් රටවල් වන තායිලන්තය සහ ශ්‍රී ලංකාව සමග දීර්ඝ සහයෝගීතා ඇති කරගැනීම වෙනුවෙන් ද මෙම නිල සංචාරය සිදු කරන බව ද මෝදි සිය X සටහනේ දක්වා තිබෙනවා.

මේ වනවිට බිම්ස්ටෙක් සමුළුව සඳහා තායිලන්තයේ බැංකොක් හි රැඳී සිටින ඉන්දීය අගමැතිවරයා හෙට ශ්‍රී ලංකාවට ඒමට පෙර තායිලන්තයේ අගමැති පේටොංටාර්න් ෂිනවත්‍රා හමු වී ඉන්දීය – තායිලන්ත මිත්‍රත්වයේ වර්ධනය ගැනත් හෙට දිනයේ දී පෙරවරුවේ බිම්ස්ටෙක් සමුළුව ඇමතීමට ද සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?