මෝදිගේ ලංකාගමනයට පෙර ඉන්දීය උසස් ආරක්ෂක කණ්ඩායමක් දිවයිනට

එළඹෙන අප්‍රේල් 04 වැනි දා සිදු කිරීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර මෙරටට එරට උසස් ආරක්ෂක අංශ නිලධාරීන්ගේ කණ්ඩායමක් පැමිණ තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මෙම සතියේ ශ්‍රී ලංකා සංචාරයට පෙර ශ්‍රී ලංකා ආරක්ෂක ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම සඳහා ඉන්දීය ආරක්ෂක අංශ කණ්ඩායම කොළඹට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍ය මෝදි අනිද්දා (04) සිට අප්‍රේල් 06 තෙක් මෙරට රැඳී සිටිනු ඇති.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය අතරතුර කොළඹ සහ අනුරාධපුරයේ විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ද වාර්තා වනවා.

මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍ය මෝදි, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ කොළඹ දී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව, අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට සහ ඉන්දීය රජයේ සහාය ඇති ව ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට ද මෝදි අනුරාධපුරයට පැමිණීමට නියමිත ව තිබෙනවා.

මෝදි කොළඹට පැමිණීමේදී සහ පිටවීමේදී ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කරනු ලබන්නේ බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා විසින්.

මෙම සංචාරයේදී ආරක්ෂක කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සහතික කිරීම සඳහා පොලිසියට පැහැදිලි උපදෙස් ලබා දී තිබෙනවා.

සංචාරය සඳහා සූදානම් වීම සඳහා අද (2) ආරක්ෂක පෙරහුරුවක් පැවැත්වෙන බව ද වාර්තා වනවා.

මෝදි සිකුරාදා සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබසිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ විදේශ කටයුතු අමාත්‍ය, ජාතික ආරක්ෂක උපදේශක, විදේශ ලේකම් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉන්දීය නිලධාරීන් ද නිල සංචාරයට එක්වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?