මෝදිගෙන් කුවේට් රජයට පැසසුම්

ඉන්දීය සංස්කෘතික උරුමය කුවේට් සමාජය තුළ ජනගත කිරීම සම්බන්ධයෙන් එරට රජයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ස්තුතිය පළ කර තිබෙනවා.

‘ද ප්‍රින්ට්’ විදෙස් වෙබ් අඩවිය වාර්තා කළේ; මෝදි කුවේට් රජයේ එම ක්‍රියාව හේතුවෙන් සිය ආඩම්බරය ප්‍රකාශයට පත්කර ඇති බවයි.

හින්දි ගුවන් විදුලි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කුවේට් රජය ඉන්දියාවට සහාය ලබා දුන්නා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දීය සංස්කෘතිය සහ උරුමය ලොව පුරා ව්‍යාප්ත කිරීමට කුවේට් රාජ්‍යය සිය ජාතික ගුවන්විදුලියේ හින්දි භාෂාවෙන් විශේෂ වැඩසටහන් ආරම්භ කිරීම වෙනුවෙන් මෙහිදී වැඩි වශයෙන් ප්‍රශංසාව පිරිනමා තිබෙනවා.

මෝදි පවසා ඇත්තේ; මෙම පුදුමාකාර මුලපිරීම සම්බන්ධයෙන් රජයට සහ රටේ ජනතාවට තමන් ස්තුතිය පුද කර සිටින බවයි.

‘Mann Ki Baat’ හි 111 වන කථාංගය අතරතුර, අගමැති මෝදි කුවේට් හි විකාශය වූ ගුවන් විදුලි වැඩසටහනේ හඬ පටය වාදනය කර තිබෙනවා.

එම හඬ පටයේ රේඩියෝ නිවේදක ජෝකී කියා සිටියේ; ඔවුන් ඉන්දියාව සහ කුවේට් අතර සබඳතා සහ ජාතීන් දෙකේ සංස්කෘතිය ගැන කතා කරන බවයි.

සෑම ඉරිදාවකම විනාඩි 30ක් හින්දි භාෂාවෙන් විකාශය කෙරෙන ගුවන්විදුලි වැඩසටහන ඉන්දියානු සංස්කෘතියේ විවිධ වර්ණයන්ගෙන් සමන්විත බව සිය කුවේට් වැසියන්ට පැවසීම ද මෙහි විශේෂත්වයක්.

මෙම වැඩසටහන මගින් ඉන්දීය කලාව, සාහිත්‍යය, භාෂාව, සිනමාව සම්බන්ධයෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වනු ඇති බවයි නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 06.02.2026
00:00
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය
00:41
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය කොහොමද ?
03:24


?