logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

මෝදිගෙන් කුවේට් රජයට පැසසුම්

ඉන්දීය සංස්කෘතික උරුමය කුවේට් සමාජය තුළ ජනගත කිරීම සම්බන්ධයෙන් එරට රජයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ස්තුතිය පළ කර තිබෙනවා.

‘ද ප්‍රින්ට්’ විදෙස් වෙබ් අඩවිය වාර්තා කළේ; මෝදි කුවේට් රජයේ එම ක්‍රියාව හේතුවෙන් සිය ආඩම්බරය ප්‍රකාශයට පත්කර ඇති බවයි.

හින්දි ගුවන් විදුලි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කුවේට් රජය ඉන්දියාවට සහාය ලබා දුන්නා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දීය සංස්කෘතිය සහ උරුමය ලොව පුරා ව්‍යාප්ත කිරීමට කුවේට් රාජ්‍යය සිය ජාතික ගුවන්විදුලියේ හින්දි භාෂාවෙන් විශේෂ වැඩසටහන් ආරම්භ කිරීම වෙනුවෙන් මෙහිදී වැඩි වශයෙන් ප්‍රශංසාව පිරිනමා තිබෙනවා.

මෝදි පවසා ඇත්තේ; මෙම පුදුමාකාර මුලපිරීම සම්බන්ධයෙන් රජයට සහ රටේ ජනතාවට තමන් ස්තුතිය පුද කර සිටින බවයි.

‘Mann Ki Baat’ හි 111 වන කථාංගය අතරතුර, අගමැති මෝදි කුවේට් හි විකාශය වූ ගුවන් විදුලි වැඩසටහනේ හඬ පටය වාදනය කර තිබෙනවා.

එම හඬ පටයේ රේඩියෝ නිවේදක ජෝකී කියා සිටියේ; ඔවුන් ඉන්දියාව සහ කුවේට් අතර සබඳතා සහ ජාතීන් දෙකේ සංස්කෘතිය ගැන කතා කරන බවයි.

සෑම ඉරිදාවකම විනාඩි 30ක් හින්දි භාෂාවෙන් විකාශය කෙරෙන ගුවන්විදුලි වැඩසටහන ඉන්දියානු සංස්කෘතියේ විවිධ වර්ණයන්ගෙන් සමන්විත බව සිය කුවේට් වැසියන්ට පැවසීම ද මෙහි විශේෂත්වයක්.

මෙම වැඩසටහන මගින් ඉන්දීය කලාව, සාහිත්‍යය, භාෂාව, සිනමාව සම්බන්ධයෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වනු ඇති බවයි නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සම්පන්දන් අවසන් වරට පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණි අවස්ථාව #Rsampandan #parliament
01:31
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය SupremeTV තුළින් බලාපොරොත්තු වන්න…
00:43
Video thumbnail
හදිසියේම G.L. පීරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක් - "ජනපතිගේ නිල කාලයට වෙන්න යන දේ" #ranilwickremesinghe
05:44
Video thumbnail
හදිසියේම විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපතිගෙන් සැර අවවාදයක් #ranilwickremesinghe #PMD
08:25
Video thumbnail
පාරිභෝගික අධිකාරියට ජනතාව කළ චෝදනාව - "අපි මේවට දැඩි පියවර ගන්නවා" #Consumer_Authority
03:00
Video thumbnail
නාමල් මහා සෙනඟක් අරගෙන කොටුවට #jvp #Namal
01:04
Video thumbnail
"අපි කොයිම වෙලාවකවත් පැනලා ගියේ නෑ" #sjb #sajithpremadasa
18:46
Video thumbnail
ජනාධිපතිවරණය කල් දාන්න හදන අලුත්ම සැලැස්ම
10:30
Video thumbnail
පාර්ලිමේන්තුව බලා රැගෙන ගිය සම්පන්දන්ගේ දේහය
01:56
Video thumbnail
සජිත්ටයි අනුරටයි දිනන්න බෑ - මෙන්න සාක්ෂි
09:03

?