මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලය ලබන 12 වැනිදා සාමාන්‍ය පරිදි විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එදින රජයේ නිවාඩු දිනයක් වුවද වේලාවක් වෙන්කර ගත් සේවාලාභීන් වෙනුවෙන් අදාළ කාර්යාල විවෘතව තැබෙන බවය.

ඊට අමතරව කුරුණෑගල, ගම්පහ, අනුරාධපුරය, යාපනය සහ හම්බන්තොට කාර්යාල ද කලින් වේලාවක් වෙන්කර ගත් සේවාලාභීන් වෙනුවෙන් විවෘතව තැබෙන බව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

171605441 10225135209996305 6752761438987508413 n