අල්ලස හා දූෂණය ලංකාවෙන් තුරන් කිරීම නව රජයේ අරමුණු අතර ප්‍රධාන වන අතර එම අරමුණ සාක්ෂාත් කරගැනීම උදෙසා රටේ ප්‍රධාන ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක ස්ථාපිත කිරීමට මේ වන විටත් විධි විධාන යොදා තිබෙනවා.
එහි එක් පියවරක් ලෙසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ ද අභ්‍යන්තර කටයුතු ඒකකයක් ස්ථාපිත කෙරුණා.
එම ඒකකය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා හා අභ්‍යන්තර කටයුතු ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කරන කොමසාරිස් (සංවර්ධන) පී. දිසානායක මහත්මිය අතින් විවෘත වුණා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන සේවාලාභීන්ගේ කාලය හා මුදල් නාස්තිය වැළැක්වීම මෙන්ම ඔවුන්ට ප්‍රියශීලී වටපිටාවක් නිර්මාණය කිරීම තුළ සේවා සැපයුම තවදුරටත් කාර්යක්ෂම කිරීම මෙම ඒකකය ස්ථාපිත කිරීමෙන් බලාපොරොත්තු වන පළමු අරමුණයි.
ඒ සඳහා අවශ්‍ය මහජන අදහස් ද මේ හරහා ලබා ගැනීමට ක්‍රමවේදයන් රැසක් සකසා තිබෙනවා.
මෙම ඒකකය පිහිටුවීමේ දෙවන අරමුණ වනුයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ සිදුවන අක්‍රමිකතා, අල්ලස් දූෂණ චෝදනා සම්බන්ධ පැමිණි ලබා ගැනීමට මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කිරීමටයි.
මෙහිදී මහජන පැමිණිලි ලබා ගැනීමට මෙන්ම මහජන අදහස් යෝජනා විශ්ලේෂණය කර ඒ සම්බන්ධව කඩිනම් පියවර ගැනීම ද මෙම ඒකකය පිහිටුවීමෙන් අපේක්ෂා කරනු ලබනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ බාහිර හා අභ්‍යන්තර සේවාලාභීන් තෘප්තිමත් කිරීම මෙම ඒකකයේ අරමුණු අතර ප්‍රධාන වී තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා සැපයීම සම්බන්ධ විමසීම් හා පැමිණිලි 070 – 71 888 66 දුරකථන අංකය වෙත යොමු කළ හැකි අතර දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කර ඇති යෝජනා හා පැමිණිලි ලබා ගන්නා පෙට්ටිවලට ද අදාළ පැමිණිලි යොමු කිරීමට සේවාලාභීන්ට මින් අනතුරුව අවස්ථාව හිමිවනවා.





