AFC Banner
Empty Ad
Empty Ad

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය අවට විශේෂ මෙහෙයුමක්

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය අවට අද දහවල් සිදු කළ හදිසි විශේෂ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයන් 22ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද ඇතුලුව නිලධාරීන් 75 දෙනෙකු මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් අනුවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ව්‍යාජ ලිපි ලේඛණ ළග තබාගෙන සිටි පුද්ගලයන් සාමදාන විනිසුරුවරුන් ලෙස පෙනී සිටි අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වූ පිරිස් ද වන බවයි පොලිසිය කියාසිටියේ.

රජයේ ආයතන භාවිත කරනු ලබන මුද්‍රිත කඩදාසි මෙන්ම ව්‍යාජ රබර් මුද්‍රා ද මෙහි තිබී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට අවශ්‍යකර සිටි සැකකරුවෙක් ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

මෙම සැකකරුවන් සියලුදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය අවට විවිධ තැරැව්කරුවන් සිටින අතර ව්‍යාජ ලිපි ලේඛණ සකස් කරන පුද්ගලයන් සිටින බවට ලැබුණු තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ මෙම ප්‍රදේශයේ මහජනතාව අපහසුතාවට පත් කරමින් ඔවුන්ගෙන් මුදල් ලබා ගනිමින් වංචනික ක්‍රියාවල නිරතවන පුද්ගලයන් සිටින බවයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් පිටත සිටින එවැනි වංචනිකයන්ට හසු නොවන ලෙසට ද පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?