මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය අවට විශේෂ මෙහෙයුමක්

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය අවට අද දහවල් සිදු කළ හදිසි විශේෂ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයන් 22ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද ඇතුලුව නිලධාරීන් 75 දෙනෙකු මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් අනුවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ව්‍යාජ ලිපි ලේඛණ ළග තබාගෙන සිටි පුද්ගලයන් සාමදාන විනිසුරුවරුන් ලෙස පෙනී සිටි අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වූ පිරිස් ද වන බවයි පොලිසිය කියාසිටියේ.

රජයේ ආයතන භාවිත කරනු ලබන මුද්‍රිත කඩදාසි මෙන්ම ව්‍යාජ රබර් මුද්‍රා ද මෙහි තිබී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට අවශ්‍යකර සිටි සැකකරුවෙක් ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

මෙම සැකකරුවන් සියලුදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය අවට විවිධ තැරැව්කරුවන් සිටින අතර ව්‍යාජ ලිපි ලේඛණ සකස් කරන පුද්ගලයන් සිටින බවට ලැබුණු තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ මෙම ප්‍රදේශයේ මහජනතාව අපහසුතාවට පත් කරමින් ඔවුන්ගෙන් මුදල් ලබා ගනිමින් වංචනික ක්‍රියාවල නිරතවන පුද්ගලයන් සිටින බවයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් පිටත සිටින එවැනි වංචනිකයන්ට හසු නොවන ලෙසට ද පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43