spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෝටර් රථයක් හා යතුරු පැදියක් ගැටී තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ඊ‍යේ ( 01 ) ගම්පොළ නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ඇත්ගාල ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් යතුරුපැදියක ගමන්ගත් 19 හැවිරිදි හා 20 හැවිරිදි වයස් වල පසු වූ තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි ඇත්ගාල පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ උඩුනුවර වෙලම්බොඩ පාසල් පටුමගේ හා ලියන්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්.

මෙයින් එක් අයකුගේ පියෙකුට අයත් නාවලපිටිය ප්‍රදේශයේ ඇති තේ කර්මාන්ත ශාලාවකට ගොස් යළි නිවස බලා යමින් සිටියදී ගම්පොළ සිට නාවලපිටිය දෙසට යමින් තිබූ මෝටර් රථයක මෙම යතුරුපැදිය ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

යතුරු පැදියට ඉදිරියෙන් ගමන් ගත් තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවත් එය ඒ අසල තිබූ වෙළඳසැලක සී. සී .ටීවී කැමරාවක සටහන්ව තිබූ බවත් පොලිසිය පැවසුවා.

මෝටර් රථයේ රියැදුරා ඇත්ගාල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇත්ගාල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?