මෝටර් රථයක් දුම්රියේ ගැටී සිදු වූ අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

යාපනය – මිරුසු ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී කෙප් වර්ගයේ මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. අද පෙරවරු 10 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.

රථයේ ගමන් ගත් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මීට පෙර පොලිසිය ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් පසුව බින්දිට පොලිසිය මගිනෟ තොරතුරු ලැබුණේ 12 හැවිරිදි පිරිමි දරුවෙකු පමණක් මියගොස් ඇති බවයි. ඔහුගේ පියා සහ සහෝදරයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

මියගොස් ඇත්තේ කොඩිකාමම් තවසිකුලම් ප්‍රදේශයේ පදිංචි දයාබරන් ජනුසන් (12) නමැති පිරිමි දරුවෙක්.මියගිය අයගේ පියා (45) සහ මියගිය අයගේ සහෝදරයා (15) බරපතළ තුවාල ලබා චාවකච්චේරි මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?