AFC Banner
Empty Ad
Empty Ad

මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටී හිඟුරක්ගොඩ දී අනතුරක්

මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටී හිඟුරක්ගොඩ දී අනතුරක්

පොළොන්නරුව, හිඟුරක්ගොඩ හතේ කණුව ප්‍රදේශයේ දී ඊයේ (31) රාත්‍රියේ මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටී අසල වූ ඇලකට පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙක් සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

මෝටර් රථයක්, අයිස් ක්‍රීම් අලෙවි කරමින් තිබූ ත්‍රිරෝද රථයක මෙලෙස ගැටී ඇති අතර, අනතුරුව රථ දෙකම අසල තිබූ ඇලකට පෙරළී ගොස් තිබුණා.

ඊයේ රාත්‍රී 8.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය හිඟුරක්ගොඩ දෙසට හා ත්‍රීරෝද රථය හතේ කණුව දෙසට ධාවනය වී තිබෙනවා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු හිගුරක්ගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?