AFC Banner
Empty Ad
Empty Ad

මොස්කව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක් – ගුවන් තොටුපොළත් වසයි

රුසියාවේ මොස්කව් නගරයට එල්ල වූ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් එහි කාර්යාල ගොඩනැගිලි කිහිපයකට සුළු හානි සිදුව තිබෙනවා.

එලෙස ප්‍රහාරය සඳහා පැමිණි ඩ්‍රෝන යාන තුනක් අද (30) අලුයම බිම හෙළූ බවයි රුසියානු ආරක්ෂක අංශ පවසන්නේ.

එක් ඩ්‍රෝන යානයක් උඩු ගුවනේදී විනාශ කළ බවත්, අනෙක් ඩ්‍රෝන යානා දෙක ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් ක්‍රියා විරහිත කරනු ලැබූ බවත් එරට ආරක්ෂක අංශ සඳහන් කර සිටියා.

මෙම ප්‍රහාරය හේතුවෙන් මොස්කව් හි ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ද කෙටි වේලාවකට වසා දැමීමට පියවර ගෙන ඇති බවයි විදෙස් කළේ.

මෙම ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් නගරාධිපති සර්ජි සොබියානින් අදහස් දක්වමින් සඳහන් කළේ, නගරයේ කාර්යාල කුළුණු දෙකක මුහුණතට සුළු හානි සිදු වූ බවත්, මෙයින් විපතට පත්වූවන් හෝ තුවාල ලැබූවන් නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?