මොස්කව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක් – ගුවන් තොටුපොළත් වසයි

රුසියාවේ මොස්කව් නගරයට එල්ල වූ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් එහි කාර්යාල ගොඩනැගිලි කිහිපයකට සුළු හානි සිදුව තිබෙනවා.

එලෙස ප්‍රහාරය සඳහා පැමිණි ඩ්‍රෝන යාන තුනක් අද (30) අලුයම බිම හෙළූ බවයි රුසියානු ආරක්ෂක අංශ පවසන්නේ.

එක් ඩ්‍රෝන යානයක් උඩු ගුවනේදී විනාශ කළ බවත්, අනෙක් ඩ්‍රෝන යානා දෙක ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් ක්‍රියා විරහිත කරනු ලැබූ බවත් එරට ආරක්ෂක අංශ සඳහන් කර සිටියා.

මෙම ප්‍රහාරය හේතුවෙන් මොස්කව් හි ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ද කෙටි වේලාවකට වසා දැමීමට පියවර ගෙන ඇති බවයි විදෙස් කළේ.

මෙම ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් නගරාධිපති සර්ජි සොබියානින් අදහස් දක්වමින් සඳහන් කළේ, නගරයේ කාර්යාල කුළුණු දෙකක මුහුණතට සුළු හානි සිදු වූ බවත්, මෙයින් විපතට පත්වූවන් හෝ තුවාල ලැබූවන් නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14