මොරොක්කෝවේ භූ කම්පන මරණ 2000 ඉක්මවයි

මොරොක්කෝවේ බලගතු භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් තිබෙනවා.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ 1,400 කට වැඩි පිරිසකට බරපතල තුවාල සිදුවී ඇති බවයි.

තුවාලකරුවන්ගෙන් බහුතරයක් වාර්තා වී ඇත්තේ මරකේෂ් නගරයට දකුණින් පිහිටි පළාත්වල බව සඳහන්.

මෙම ව්‍යසනය හමුවේ හයවන මොහොමඩ් රජු දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළ අතර දිවි ගලවා ගත් අයට නවාතැන්, ආහාර, ඖෂධ සහ වෙනත් උපකාර ලබාදීමට ද නියෝග කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බොහෝ පිරිසක් එළිමහනේ දෙවන දිනටත් රාත්‍රිය ගත කරන බවයි.

සිකුරාදා රාත්‍රියේ රික්ටර් මාපකයේ 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාව Marrakesh සහ බොහෝ නගරවලට බලපෑම් සිදු කළ අතර දුරස්ථ කඳුකර ප්‍රදේශවල ගම්මානයක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

සංචාරකයින් අතර ජනප්‍රිය ලෝක උරුම නගරයක් වන Marrakesh සිට නිරිත දෙසින් ඇට්ලස් කඳුකරය භූ කම්නපනයේ කේන්ද්‍රස්ථානය ලෙසට හඳුනාගෙන තිබෙනවා.

නමුත් කම්පනය කිලෝමීටර් 350ක් පමණ දුරින් පිහිටි රබාට් අගනුවරට මෙන්ම කැසබ්ලැන්කා, අගාදිර් සහ එසවුරා වෙත ද දැනී ඇතැයි සඳහන්.

මොරොක්කෝවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ අල් හවුස් පළාතේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන අතර දෙවනුවට වැඩිම මරණ වාර්තා වී ඇත්තේ තාරූඩන්ට් පළාතෙන් බවයි.

යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසට නම් කෙරුණු මරකේෂ් පැරණි නගරයට සැලකිය යුතු හානියක් සිදුවී ඇතත්, මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ඉතා අඩුවෙන්.

කඳුකර ගම්මානවල ගල් සහ දැව නිවාස කඩා වැටී ඇති බවට විශ්වාස කෙරෙන අතර දුරස්ථ ප්‍රදේශවල විනාශයේ පරිමාණය තක්සේරු කිරීමට යම් කාලයක් ගතවනු ඇති බවයි බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
6
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?