මොරොක්කෝවේ භූ කම්පන මරණ 2000 ඉක්මවයි

මොරොක්කෝවේ බලගතු භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් තිබෙනවා.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ 1,400 කට වැඩි පිරිසකට බරපතල තුවාල සිදුවී ඇති බවයි.

තුවාලකරුවන්ගෙන් බහුතරයක් වාර්තා වී ඇත්තේ මරකේෂ් නගරයට දකුණින් පිහිටි පළාත්වල බව සඳහන්.

මෙම ව්‍යසනය හමුවේ හයවන මොහොමඩ් රජු දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළ අතර දිවි ගලවා ගත් අයට නවාතැන්, ආහාර, ඖෂධ සහ වෙනත් උපකාර ලබාදීමට ද නියෝග කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බොහෝ පිරිසක් එළිමහනේ දෙවන දිනටත් රාත්‍රිය ගත කරන බවයි.

සිකුරාදා රාත්‍රියේ රික්ටර් මාපකයේ 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාව Marrakesh සහ බොහෝ නගරවලට බලපෑම් සිදු කළ අතර දුරස්ථ කඳුකර ප්‍රදේශවල ගම්මානයක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

සංචාරකයින් අතර ජනප්‍රිය ලෝක උරුම නගරයක් වන Marrakesh සිට නිරිත දෙසින් ඇට්ලස් කඳුකරය භූ කම්නපනයේ කේන්ද්‍රස්ථානය ලෙසට හඳුනාගෙන තිබෙනවා.

නමුත් කම්පනය කිලෝමීටර් 350ක් පමණ දුරින් පිහිටි රබාට් අගනුවරට මෙන්ම කැසබ්ලැන්කා, අගාදිර් සහ එසවුරා වෙත ද දැනී ඇතැයි සඳහන්.

මොරොක්කෝවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ අල් හවුස් පළාතේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන අතර දෙවනුවට වැඩිම මරණ වාර්තා වී ඇත්තේ තාරූඩන්ට් පළාතෙන් බවයි.

යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසට නම් කෙරුණු මරකේෂ් පැරණි නගරයට සැලකිය යුතු හානියක් සිදුවී ඇතත්, මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ඉතා අඩුවෙන්.

කඳුකර ගම්මානවල ගල් සහ දැව නිවාස කඩා වැටී ඇති බවට විශ්වාස කෙරෙන අතර දුරස්ථ ප්‍රදේශවල විනාශයේ පරිමාණය තක්සේරු කිරීමට යම් කාලයක් ගතවනු ඇති බවයි බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41