මොරිෂස් හි දෙදින සංචාරයක් අරඹමින් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අද (11) පෙරවරුවේ දිවයිනට පැමිණියා.
නිල සංචාරය සඳහා ආරාධනා කළ මොරිෂස් අග්‍රාමාත්‍යවරයාගෙන් ගුවන් තොටුපළේ දී මෝදිට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්.
සිය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මොරිෂස් හි ඉහළ නායකත්වය සමඟ රැස්වීම් පවත්වනු ඇති අතර දෙරට අතර ධාරිතා ගොඩනැගීම, වෙළඳාම සහ දේශසීමා හරහා සිදුවන මූල්‍ය අපරාධ මැඩලීම යන ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට නියමිතයි.
මෝදි මොරිෂස් හි සංචාරය කරන්නේ 57 වැනි ජාතික දින සැමරුම් උලළේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වීම සඳහා යි.
ඉන්දීය නාවික හමුදාවේ යුද නෞකාවක් සහ ඉන්දීය ගුවන් හමුදාවේ ආකාෂ් ගංගා ස්කයිඩයිවිං කණ්ඩායම සමඟ ඉන්දීය සන්නද්ධ හමුදා කණ්ඩායමක් හෙට පැවැත්වෙන ජාතික දින සැමරුම් උලෙළට සහභාගී වනවා.
මොරිෂස් බලා පිටත්ව යාමට පෙර අගමැති මෝදි සඳුදා කියා සිටියේ තම සංචාරය ජාතීන් දෙක අතර සබඳතාවල “නව සහ දීප්තිමත්” පරිච්ඡේදයක් විවෘත කරන බවයි.