Empty Ad
AFC Banner
Empty Ad

මොරටුව විශ්වවිද්‍යාලයට ප්‍රහාරක ගුවන් යානාවක්

ශ්‍රි ලංකා ගුවන් හමුදාව සතු සක්‍රිය සේවයෙන් ඉවත් කරන ලද මිග් 27 ප්‍රහාරක ජෙට් ගුවන් යානාවක් මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පීඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය වෙත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය නිරංජන් ගුණවර්ධන වෙත නිළ වශයෙන් භාර දිම ඊයේ සිදුකරනු ලැබුවා.

මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පිඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය විසින් ගුවන් හමුදාවෙන් කළ ඉල්ලිමකට අනුව මෙම ප්‍රදානය සිදු කළ අතර මෙමගින් ගුවන් යානා තාක්ෂණ ඉංජිනේරු ශිල්පය හදාරණ විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යන කටයුතු නව මගකට යොමු කිරිමට හැකි වනු ඇතිබව තමා විශ්වස කරන බව මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති තුමන් මෙහිදි පවසා සිටින ලදි තව දුරටත් ඔහු ප්‍රකාශකර සිටියේ හමුදා ප්‍රධානියකු මොරටුව විශ්ව විද්‍යාලයේ සංචාරය කළ ප්‍රථම අවස්ථාව මෙය වන බවත් ඒ පිළිබඳවද ගුවන් හමුදාධිපති තුමන් හට විශේෂ ස්තුතිය පුදකර සිටින බවයි.

තවද මෙහිදි ශ්‍රි ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණ ශිල්පීය දැනුම මොරටුව විශ්වවිද්‍යාලයේ ගුවන් යානා ඉංජිනේරු අංශය සමග හුවමාරු කර ගැනිම සදහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම සිදු කරනු ලැබු අතර මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පිඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය වෙත පරියේෂණ කටයුතු නිසි ප්‍රමිතියට අනුව සිදු කිරිමට අවශ්‍යය විද්‍යාගාරයක් ස්ථාපිත කිරිමට ගුවන් හමුදාවේ සහය ලබා දෙන බවද ගුවන් හමුදාධිපති තුමන් විසින් මෙහිදි පවසා සිටියා.

No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?