මොරටුව විශ්වවිද්‍යාලයට ප්‍රහාරක ගුවන් යානාවක්

ශ්‍රි ලංකා ගුවන් හමුදාව සතු සක්‍රිය සේවයෙන් ඉවත් කරන ලද මිග් 27 ප්‍රහාරක ජෙට් ගුවන් යානාවක් මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පීඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය වෙත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය නිරංජන් ගුණවර්ධන වෙත නිළ වශයෙන් භාර දිම ඊයේ සිදුකරනු ලැබුවා.

මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පිඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය විසින් ගුවන් හමුදාවෙන් කළ ඉල්ලිමකට අනුව මෙම ප්‍රදානය සිදු කළ අතර මෙමගින් ගුවන් යානා තාක්ෂණ ඉංජිනේරු ශිල්පය හදාරණ විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යන කටයුතු නව මගකට යොමු කිරිමට හැකි වනු ඇතිබව තමා විශ්වස කරන බව මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති තුමන් මෙහිදි පවසා සිටින ලදි තව දුරටත් ඔහු ප්‍රකාශකර සිටියේ හමුදා ප්‍රධානියකු මොරටුව විශ්ව විද්‍යාලයේ සංචාරය කළ ප්‍රථම අවස්ථාව මෙය වන බවත් ඒ පිළිබඳවද ගුවන් හමුදාධිපති තුමන් හට විශේෂ ස්තුතිය පුදකර සිටින බවයි.

තවද මෙහිදි ශ්‍රි ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණ ශිල්පීය දැනුම මොරටුව විශ්වවිද්‍යාලයේ ගුවන් යානා ඉංජිනේරු අංශය සමග හුවමාරු කර ගැනිම සදහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම සිදු කරනු ලැබු අතර මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පිඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය වෙත පරියේෂණ කටයුතු නිසි ප්‍රමිතියට අනුව සිදු කිරිමට අවශ්‍යය විද්‍යාගාරයක් ස්ථාපිත කිරිමට ගුවන් හමුදාවේ සහය ලබා දෙන බවද ගුවන් හමුදාධිපති තුමන් විසින් මෙහිදි පවසා සිටියා.

No description available.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06