“මොකද මමත් ගැහැනු ළමයෙක්නෙ. පිරිමි ළමයෙක් වගේ කිව්වම දුක හිතුණා…”

ඉන්දියාවේ පතියාලා නුවර පැවති අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවේ මේධානී ජයමාන්න සමත් වූවාය. එහි ඇයගේ තරග නිමි කාලය තත්පර 24.08 ක් විය. ඒ දක්‍ෂතාව මේධානීව පතියාලා නුවරින් කෙන්යාවේ නයිරෝබි නුවරට කැඳවීමට සමත් විය. ඉන්දීය ප්‍රාන්ත තරගාවලියෙන් ජගත් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබීමට මේධානිගේ එම දක්‍ෂතා ඉවහල් විය.
එමෙන්ම එහිදී පැවති මීටර් 100 කාන්තා සහය දිවීමේ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වසර 19 කට පසුව හොඳම ශ්‍රී ලංකා දක්‍ෂතාවය වාර්තා කළේය. රිදී පදක්කමක් හිමි වුණි. මේ මේධානි ජයමාන්න ගැනයි.

මලල ක්‍රීඩාව පිළිබඳව ඔබේ මුල්ම මතකය අවදි කළොත්?උඩුව කනිෂ්ඨ විද්‍යාලයේදී පළමු වරට මම පළාත් තරගවලට සහභාගි වෙනවා. එතකොට මම 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. කලාප සහ පළාත් මට්ටමට පමණයි ඒ දවස්වල මට තරගවලට යන්න පුළුවන් වුණේ. මොකද මම පුහුණුවීම් කරන්න එතරම් කැමති වුණේ නැහැ.

ඔබේ පවුලේ අනෙක් සහෝදර සහෝදරියොත් ක්‍රීඩාවලට සම්බන්ධද?ඔව්. මගේ අයියයි අක්කයි ක්‍රීඩාවලට දක්‍ෂයි. ඒ දෙන්නාට පුහුණුවීම් සිදු කළ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ සිසිල්ටන් සර් සහ හරංකහව සර් මට ක්‍රීඩාවට අවතීර්ණ වීමට කතා කරා. ඒ වගේම අපේ අම්මත් මලල ක්‍රීඩාවලින් දක්‍ෂතා දක්වා තිබෙනවා.

තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වනවිට ඔබට වයස කීයද?අවුරුදු 13 ක් විතර ඇති. 8 වසර සිට තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට ගියේ. එය ක්‍රීඩාවට විශේෂ අවධානයක් ලබාදෙන පාසලක්. නිවාසාන්තර ක්‍රීඩාවල දුවනකොට හැමදාම මම පළමුවැනියා වෙනවා. ඒ හින්දා මට ක්‍රීඩාවට යොමුවීමට ලොකු කැමැත්තක් තිබුණා. අම්මත් ඊට උනන්දු කළා. තෝලංගමුව ක්‍රීඩා පාසලට ඇතුළත් වූ පසු මගේ ක්‍රීඩාව දිනෙන් දින දියුණු වුණා. සමස්ත ලංකා මට්ටමට එන්න තරම් පුළුවන් වුණා. ඒත් පළමු” දෙවැනි” තෙවැනි ස්ථාන නම් ලබාගන්න බැරි වුණා. ඒත් වෙනත් තරගවලින් පාසලට පුළුවන් තරම් ජයග්‍රහණ ගෙනත් දුන්නා. ඒ වගේම සාමාන්‍ය පෙළ ළංවෙද්දී ක්‍රීඩාවට ටිකක් අවධානය අඩුකරන්න සිදුවුණා.

ඔබ දැන් ලූම්බිණි විද්‍යාලයේ ශිෂ්‍යාවක්?ඔව්. සාමාන්‍ය පෙළින් පසුව ලූම්බිණි විද්‍යාලයට ඇතුළත් වුණා. ක්‍රීඩාව තමයි ප්‍රධාන ඉලක්කය වුණේ. එත් ලූම්බිණි විදුහලේදී මට ඉගෙන ගැනීමටත් වෙනදට වඩා උනන්දුවක් ඇති වුණා. කොටින්ම ක්‍රීඩාව අතහැරලා අධ්‍යාපනය වෙනුවෙන්ම කැප වෙන්න ඕන කියලා මම තීරණයකට ආවා. එහෙම සිටියදී තමයි මට උමංග සර් හමු වුණේ. ඒ අවස්ථාවේදී සර් ඇහැව්වා ඇයි දුවන්නෙ නැත්තේ? ක්‍රීඩාව අත්හරිනවද? පාසලට ජයග්‍රහණ ගෙනත් දෙන්නෙ නැද්ද කියලා උමංග සර් මගෙන් විමසුවා.

සමස්ත ලංකා ක්‍රීඩිකාවක් මට්ටමට ඔබ දියුණු වෙන්නේ ලූම්බිණි විද්‍යාලයේදී නේද?ඔව් එහිදී මම සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ගන්නවා

ඔබට ඔබ ගැන දැනෙන්නෙ කොහොමද?මට දැනෙන්නේ මම ක්‍රීඩාවටම ඉපදුණු කෙනෙක්. මගේ සම වයසේ ගැහැනු ළමයින්ට වඩා වෙනස් ශරීරයක් මට උරුමයි. මාව දකින අය හිතන්නේ මම ‘ජිම් ගිහිල්ලා වේට්ස් බොඩි බිල්ඩින්. කරලා මගේ සිරුර හදා ගත්තා කියලයි. ඇඟ හදා ගත්තු කෙනෙක් විදිහටයි මාව දකින්නේ. ඒත් එය එහෙම නොවේ.මගේ අම්මගෙයි” තාත්තගෙයි ජානවලින් මට ලැබුණු උරුමය තමයි මේ මගේ සිරුර. ඒ නිසා මේ ශරීරයත් එක්ක මට ක්‍රීඩාවට ගොඩක් දෙයක් කරන්න පුළුවන් කියලා මම දන්නවා. මම ක්‍රීඩාවට ආදරෙයි. රටට ආදරෙයි.

ඔබගේ සම වයසේ යහළුවන් ඔබව දකින්නේ කෙසේද?ඒ අය මට කියන්නේ මම පිරිමි ළමයෙක් කියලා මුලින් ඒ කතාවලට මම අකමැතියි. මොකද මමත් ගැහැනු ළමයෙක්නෙ. පිරිමි ළමයෙක් වගේ කිව්වම දුක හිතුණා. ඒත් ක්‍රීඩාවට පැමිණි පසු ඒක සාමාන්‍ය දෙයක් වුණා. අනෙක් අයට නැති සිරුරක් මට තිබෙනවා. මට දුවන්න පුළුවන්. ඒ නිසා පිරිමි ළමයෙක් වගේ කිව්වට මට දැන් දුකක් නැහැ. මම පසුතැවෙන්නෙ නැහැ.

ඔබේ දින චර්යාව කොහොමදඋදේ 4.30 වනවිට අවදිවෙලා උදේ 6.00 වෙනකොට ක්‍රීඩාංගණයට එනවා. ඇවිල්ලා පුහුණුවීම් කරනවා. පාසල් යන්න තිබෙන දවස්වල පුළුවන් තරම් ඉක්මනට ඒ වැඩ ටික කරලා පොත් ටික අරන් පාසලට යනවා. නැවත පාසලින් පසුව හවස පුහුණුවීම් වලට එනවා.

ඔබට ක්‍රීඩාව දැනෙන්නේ කොහොමද?එය මගේ ජීවිතය. ඊට එහා දෙයක් මට නැහැ. ජීවත් වෙන්නෙත් ක්‍රීඩාව නිසා.

ඔබ ආහාරපාන සීමා කර තිබෙනවද?ඔව්. චොක්ලට්” අයිස්ක්‍රීම් වලට ආසයි. ඒත් ඒවා සීමාකර තිබෙනවා. ඒ වගේම ගමේ කෑමවලට ප්‍රියයි.

ලබන මාසයේ පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ඉලක්ක කරගෙන ඔබ පුහුණුවීම් කරනවා. ඒ නිසා ආහාරපාන සීමා කර තිබෙනවද?එහෙම ලොකු සීමාවක මම නැහැ.

එම තරගාවලියේ ඔබේ ඉලක්ක මොනවද?මගේ ක්‍රීඩා ඉසව් වෙන්නේ මීටර් 100 සහ මීටර් 200” මීටර් 200 තරග ඉසව්වෙන් මා ඒ සඳහා දැනටමත් සුදුසුකම් ලබලා තිබෙනවා. මීටර් 100 න් සුදුසුකම් ලැබිය යුතුයි. තරගාවලියට සහභාගි වෙන්න ලැබීමත් ලොකු භාග්‍යයක්. ඒක හරි පුදුමයක්. උමයංග සර් හමුවෙලා තවමත් අවුරුදු දෙකයි. ඒත් මං දන්නෙම නැතිව මම ඊට සුදුසුකම් ලැබුවා. පදක්කමක් මගෙ ඔළුවෙ තිබෙනවා. ඒත් හොඳම කාලයක් වාර්තා කිරීම තමයි මගේ බලාපොරොත්තුව.

කුෂාන් සුබසිංහදිවයින

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
43
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?