අවදානම් තත්ත්වය ඉවත් වන තුරු මහියංගණය – නුවර මාර්ගය වසා දැමේ

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති ව තිබෙන අවදානම් තත්ත්වය පහව යන තුරු මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගය රාත්‍රී කාලයේ දී වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

දසත වාර්තාකරු පැවසුවේ එම මාර්ගයේ ගල් පෙරළීම, කඳු නාය යෑම් අවදානමක් පවතින බවට ඊයේ (20) පස්වරුවේ එහි පර්‍යේෂණ සංචාරයේ නිරත වූ ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානයට නිරීක්ෂණය වී ඇති බවයි.

මේ හේතුවෙන් එම කලාපය රාත්‍රියේ දී කිසිසේත්ම වාහන ධාවනය සඳහා ඉඩ නොදීමට තීරණය කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ප්‍රකාශ කළා.

අධික වැසි හේතුවෙන් මෙම මාර්ගයේ ගමන් කිරීම අනතුරුදායක බැවින් අදාළ අංශ සමඟ අද පැවති සාකච්ඡාවේ දී මෙම තීරණය ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තෙල්දෙණිය හා උඩුදුම්බර පොලීසිය, මර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන රැසක ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වුණා.

ඒ අනුව අද පස්වරු 06.00 සිට හෙට (22) උදෑසන 06.00 දක්වා මාර්ගය වසා තබන බවත් අවදානම් තත්ත්වය පහව යන තුරු රාත්‍රී කාලයේ දී වාහන ගමනාගමනය අත්හිටුවීම සිදු කරන බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21