රැඳවූවෙකුගෙන් රුපියල් ලක්ෂ 05ක අල්ලස් ගත් බලයලත් නිලධාරියෙකු 31 තෙක් රිමාන්ඩ්

වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි රැඳවූවෙකු ඉතා කඩිනමින් නිදහස් කර යැවීමට කටයුතු කර දෙන බව පවසා එම රැඳවූවාගෙන් රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබා ගත් බව කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ බලයලත් නිලධාරියකු ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (21) නියෝග කළා.

වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ බලයලත් නිලධාරියකු වන කේ.කේ.ඩබ්. මහින්ද හේම කුමාර නමැත්තෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

අදාළ රැඳවූවා ඉන්දියන් ජාතිකයෙකු බව පවසමින් වැල්ලවාය පොලිසිය මීට කලකට පෙර දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කර ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූවා.

මෙම රැඳවූවා ඉන්දියන් ජාතිකයකු බව පවසමින් පොලිසිය ඔහුව මෙම රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතත් ඔහු ඉන්දියන් ජාතිකයකු නොව යාපනය ප්‍රදේශයේ කෝවිලක පූජකයෙකු බව ද කරුණු අනාවරණය වූ බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

දින ගණනක් එම මධ්‍යස්ථානයේ රඳවා සිටීම නිසා තමාව නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන අදාළ රැඳවූවා සැකකාර බලයලත් නිලධාරියාගෙන් කිහිප අවස්ථාවක දී ඉල්ලා ඇති බවත් ඒ අවස්ථාවේදී සැකකාර නිලධාරියා ඒ සඳහා රැඳවූවාගෙන් රුපියල් ලක්ෂ පහක් ඉල්ලා ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළා.

අදාළ රැඳවූවා මේ සම්බන්ධයෙන් දුරකථන මාර්ගයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කරන ලද පැමිණිල්ලක් අනුව උපාය දූතයෙකු යොදවා සිදු කළ වැටලීමක දී සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගත් බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූවා.

සැකකරු මීට පෙර ද එම රැඳවූවාගෙන් ලක්ෂ දෙකක මුදලක් අල්ලසක් ලෙස ලබාගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව ද අධිකරණයේදී අනාවරණය වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30