ඉපැරණි දේව ප්‍රතිමා සොරකම් කළ දෙදෙනකු අත්අඩංගුවට

පෞරාණික වටිනාකමකින් යුතු ඉපැරණි දේව ප්‍රතිමා සොරකම් කළ හිටපු යුද හමුදා සෙබළෙකු ඇතුළු දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (21) පස්වරුවේ කළුතර අපරාධ කොට්ඨාසය මගින් බද්දේගම ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කෙරුණා.

මෙම ප්‍රතිමා සියල්ල ම ඉංගිරිය ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යනු ලබන කථිකාචාර්‍යවරයෙකුගේ යැයි සඳහන් වන අතර අදාළ ප්‍රතිමා අගෝස්තු මස 29 වැනි දින අතුරුදන් ව ඇති බවට ඉංගිරිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුවයි විමර්ශන සිදු කෙරුණේ.

ඉන් අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදු කළ පොලිසිය වයස අවුරුදු 25 හා 39 වියැති සැකකරුවන් අත් අඩංගුවට ගැනුණා.

සැකකරුවන් බද්දේගම සහ ගම්පොළ ප්‍රදේශවල පදිංචිකරුවන්.

දේවාලයේ මුරකරුගේ දුරකථන වාර්තා විශ්ලේෂණය කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රධාන සැකකරුගේ නිවසේ සඟවා තිබූ අඩි 2ක් සහ අඩි 1 1/2 ක් උසැති දේවප්‍රතිමා සොයා ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14