මෛත්‍රීට එරෙහි පාස්කු නඩුව සති 10කට කල් යයි

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩු විභාගය අද (ඔක්තෝම්බර් 14) දින සිට සති 10 කට කල් තබන ලෙස අභියාචනාධිකරණය අද නියෝගයක් නිකුත් කළා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (14) දින පෙනීසිටින ලෙස දන්වා නිකුත් කළ සිතාසිය බල රහිත කරන ලෙස දන්වා ඔහු ගොනුකළ රීට් පෙත්සම සලකා බලමින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

රීට් පෙත්සම සම්බන්ධයෙන් වන විවාදය දෙසැම්බර් මස 06 වනදා ආරම්භ කිරීමටයි සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ.

එමෙන්ම නොවැම්බර් 30 වනදා ඊට අදාළ ලිඛිත දේශන ගොනු කරන ලෙසට ද විනිසුරු අද නියෝග කළා.

කෙසේ වෙතත් හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා සිටි සිතාසි නියෝගය බල රහිත කරන නියෝගය අද දිනයේ දී අභියාචනාධිකරණය විසින් නිකුත් කළේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?