AFC Banner
Empty Ad
Empty Ad

මෛත්‍රීට එරෙහි නඩුවක් ඒක පාක්ෂිකව විභාග කිරීමට නියෝග

ශ්‍රී ලංකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගයට අදාළ නඩුව ඒකපාක්ෂිකව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය අද (24) නියම කළා.

මෙම නඩුව අද (24) කැඳවූ අවස්ථාවේ දී විත්තිකාර මෛත්‍රිපාල සිටිසේන වෙනුවෙන් පෙනී සිටීමක් සිදුවුණේ නැහැ.

ඒ, අනුව අදාළ නඩුව ඒක පාක්ෂිකව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය තීරණය කළා.

ඉන් අනතුරුව නඩුව අගෝස්තු මස 26 වනදා කැඳවීමටද දින නියම වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පැමිණිලිකරු කියා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙකු විශ්‍රාම යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරිය නොහැකි බවයි.

එහෙත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති දුරයෙන් විශ්‍රාම යාමෙන් පසුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කර ඇති බවත්, එය නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා මෙම නඩුව ගොනු කර තිබුණා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?