මෛත්‍රීට එරෙහි නඩුවක් ඒක පාක්ෂිකව විභාග කිරීමට නියෝග

ශ්‍රී ලංකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගයට අදාළ නඩුව ඒකපාක්ෂිකව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය අද (24) නියම කළා.

මෙම නඩුව අද (24) කැඳවූ අවස්ථාවේ දී විත්තිකාර මෛත්‍රිපාල සිටිසේන වෙනුවෙන් පෙනී සිටීමක් සිදුවුණේ නැහැ.

ඒ, අනුව අදාළ නඩුව ඒක පාක්ෂිකව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය තීරණය කළා.

ඉන් අනතුරුව නඩුව අගෝස්තු මස 26 වනදා කැඳවීමටද දින නියම වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පැමිණිලිකරු කියා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙකු විශ්‍රාම යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරිය නොහැකි බවයි.

එහෙත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති දුරයෙන් විශ්‍රාම යාමෙන් පසුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කර ඇති බවත්, එය නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා මෙම නඩුව ගොනු කර තිබුණා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායක ගැන ආන්දෝලනාත්මක කරුණු රැසක් එළියට ?..තොරතුරු දීලා සුජාතභාවය ඔප්පු කරන්න
07:33
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදාහරියි..අධිකරණය අසළ නොසන්සුන් ?
01:42
Video thumbnail
"හැම දේශපාලකයෙක්ම හොරෙක් නෙවෙයි" අජිත්, දිවන්ගත නන්දන ගුණතිලක ගැන කිව්ව දේ
13:30
Video thumbnail
ගංඟා ආශ්‍රිතව සිටින ජනතාව විමසිල්ලෙන් ඉන්න..ආපදා කළමණාකරනයෙන් විශේෂ දැනුම්දීමක්
03:23
Video thumbnail
පූගොඩ නගරයත් ජලයෙන් යටවෙයි..ඉණ දක්වා වතුර පිරිලා - පාර ගංඟාවක් වගේ
02:33
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.22
02:34:58
Video thumbnail
බලන් ඉද්දිම කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යන හැටි..මහ ජල කඳින් පාරවල් වැසී ගිහින්
02:05
Video thumbnail
වහාම අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන්න..සජිත් නැගිටලා ආණ්ඩුවට උපදෙස් දෙයි
15:29
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට 100mm ඉක්මවූ තද වැසි..කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
02:46
Video thumbnail
මැල්ලවගෙදර පාලම කැඩි යයි..මීගමුව - මීරිගම මාර්ගයේ රථවාහන ධාවනයටත් බාධා
01:58