AFC Banner
AFC Banner
Empty Ad

මෛත්‍රීට එක තත්පරයකටවත් හිරේ යන්න වෙයි කියලා මම හිතන්නෑ – දයාසිරි ජයසේකර

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කවදාවත් හිරේ යයි කියා තමන් එක තත්පරයකටවත් නොසිතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

එතුමා විශාල කරදරයකින් සිටි බවත්, පාස්කු ප්‍රහාර නඩු සම්බන්ධයෙන් එතුමාට නඩු 400 ගණනක් තිබුණ බවත් මේ හැම එකටම එතුමා මුහුණ දුන් බවත් ඔහු කියා සිටියා.

වැඩි දුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර,

“පොදු ජන පෙරමුණ කවදාවත් හිතුවේ නෑ රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න වෙයි කියලා මොකද 2016 දී රනිල් වික්‍රමසිංහ පරාජය කරන්න තමයි පොදු ජන පෙරමුණ කටයුතු කරේ. පොදු ජන පෙරමුණේ පිරිසක් එක කතාවක් කියනවා මහින්ද රාජපක්ෂ මහත්මයා තව කතාවක් කියනවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා අනුව හිතාගන්න පුළුවන් කවුද කා එක්කද ඉන්නේ කියලා.

මානුෂීය ජනතා පෙරමුණ හැටියට අපි නව සන්ධානයක් ගොඩනැගුවා පක්ෂ නායකත්වය මට ලැබෙයිද කියලා කියන්න බැහැ ඒවා අනාගතයේ සිදුවන දේවල් සභාපතිවරයා අත් අරින්න සූදානම් නම් වගකීම මට භාර දෙනවා නම් ගම් මට්ටමින් බිම් මට්ටමින් සහ ආණ්ඩුවට ගිය මන්ත්‍රීවරු ඇමතිවරු සියල්ල සමඟ සාකච්ඡා කරලා මැතිවරණ ජයග්‍රහණයකට එනකම්ම මේ පක්ෂය ගේන්න පුළුවන්.

ඒ සම්බන්ධය හදන්න පුළුවන් හයිය තියෙන්නේ මගේ ළඟ වගකීම දෙනවනම් බාර අරගෙන කරන්න සූදානම් ඕනෑම මොහොතක. මොකද පාක්ෂිකයා සහ ගමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැතිවෙලා තිබෙන්නේ නැවත ඒක ගොඩනගන්න පුළුවන් ශක්තිය තිබෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
50
+1
1
+1
9
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?