මෛත්‍රීට එක තත්පරයකටවත් හිරේ යන්න වෙයි කියලා මම හිතන්නෑ – දයාසිරි ජයසේකර

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කවදාවත් හිරේ යයි කියා තමන් එක තත්පරයකටවත් නොසිතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

එතුමා විශාල කරදරයකින් සිටි බවත්, පාස්කු ප්‍රහාර නඩු සම්බන්ධයෙන් එතුමාට නඩු 400 ගණනක් තිබුණ බවත් මේ හැම එකටම එතුමා මුහුණ දුන් බවත් ඔහු කියා සිටියා.

වැඩි දුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර,

“පොදු ජන පෙරමුණ කවදාවත් හිතුවේ නෑ රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න වෙයි කියලා මොකද 2016 දී රනිල් වික්‍රමසිංහ පරාජය කරන්න තමයි පොදු ජන පෙරමුණ කටයුතු කරේ. පොදු ජන පෙරමුණේ පිරිසක් එක කතාවක් කියනවා මහින්ද රාජපක්ෂ මහත්මයා තව කතාවක් කියනවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා අනුව හිතාගන්න පුළුවන් කවුද කා එක්කද ඉන්නේ කියලා.

මානුෂීය ජනතා පෙරමුණ හැටියට අපි නව සන්ධානයක් ගොඩනැගුවා පක්ෂ නායකත්වය මට ලැබෙයිද කියලා කියන්න බැහැ ඒවා අනාගතයේ සිදුවන දේවල් සභාපතිවරයා අත් අරින්න සූදානම් නම් වගකීම මට භාර දෙනවා නම් ගම් මට්ටමින් බිම් මට්ටමින් සහ ආණ්ඩුවට ගිය මන්ත්‍රීවරු ඇමතිවරු සියල්ල සමඟ සාකච්ඡා කරලා මැතිවරණ ජයග්‍රහණයකට එනකම්ම මේ පක්ෂය ගේන්න පුළුවන්.

ඒ සම්බන්ධය හදන්න පුළුවන් හයිය තියෙන්නේ මගේ ළඟ වගකීම දෙනවනම් බාර අරගෙන කරන්න සූදානම් ඕනෑම මොහොතක. මොකද පාක්ෂිකයා සහ ගමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැතිවෙලා තිබෙන්නේ නැවත ඒක ගොඩනගන්න පුළුවන් ශක්තිය තිබෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14