මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කඩා වැටීම ද ? – දසුන්ගෙන් උත්තර

චරිත් අසලංක නැවත කණ්ඩායමට පැමිණෙන තරු තමන්ගේ උපරිමය කණ්ඩායමට ලබාදෙමින් ක්‍රීඩකයින්ගෙන් ද උපරිමය කණ්ඩායමට ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ වැඩබලන නායක දසුන් ශානක පවසනවා.

පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තුන්කොන් තරගාවලියේ ඊයේ (21) සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් දසුන් මේ බව සඳහන් කළා.

මෙම මාධ්‍ය හමුවේ දී විදෙස් මාධ්‍යවේදීන් දසුන්ගෙන් විමසා සිටියේ නායකත්වයේ වගකීම තමන්ට පීඩනයක් ද යන්නයි.

ඊට පිළිතුරු දුන් දසුන් පැවසුවේ, තමන් 2022 සහ 2023 වසරවල දී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ බවත්, තමන් කණ්ඩායමේ උප නායකයා ලෙස නායක චරිත්ට යම් ගැටළුවක් ඇතිවුවහොත් නායකතවයේ වගකීම තමන්ට දැරීමට සිදුවන බවත් තමන් දන්නා බවයි.

එය තමන්ට අමතර පීඩනයක් නොවන බවයි ඔහු වැඩිදුරටත් මෙහිදී පැවසුවේ.

මේ අතර මාධ්‍යවේදීන් එහිදී විමසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වනවිට කඩා වැටෙමින් තිබේද යන්නයි.

විස්සයි විස්ස තරග රටාව තුළ අනපේක්ෂිත දේවල් සිදුවිය හැකි බවත්, මීළඟ තරගවල දී සිම්බාබ්වේ සහ පාකිස්ථාන කණ්ඩායම්වලට එරෙහිව ඉහළ දක්ෂතා අතරට පැමිණිය යුතු බවයි දසුන් මෙහිදී සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
37
+1
4
+1
14
+1
0
+1
16
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?